අමානා බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම් සදහා වසර අවසාන බෝනස් දීමනා

Standing Order Bonus (1)

 




 

 

 

2021 වසර සඳහා බෝනස් මුදල රු. 10,000 දක්වා වැඩි කෙරේ

මාසික ස්ථාවර නියෝග ඔස්සේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිතිපතා ඉතිරි කිරීම සිදුකරන ආදර්ශමත් දෙමාපියන් වෙනුවෙන් කරනු ලබන ඇගයීමක් වශයෙන්, එම ළමා ගිණුම් සඳහා වසර අවසාන බෝනස් දීමනාවක් ලබාදීමට අමානා බැංකුව කටයුතු කළේ ය. 2020 වසරේ ක්‍රියාකාරීත්වය අනුව සුදුසුකම් ලැබූ ළමා ඉතුරුම් ගිණුම් සඳහා මෙම බෝනස් මුදල් පිරිනමන ලදි.

ස්ථාවර නියෝග බෝනස් ප්‍රවර්ධන වැඩසටහන පසුගිය වසරේදී හඳුන්වා දීමෙන් අනතුරුව මේ වනවිට ළමා ගිණුම් 2,000 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙසේ බෝනස් මුදල් ලබා දී තිබේ. ස්ථාවර නියෝග හරහා දෙමාපියන් හෝ භාරකරුවන්ගේ ගිණුම් වලින් මාසිකව ළමා ඉතුරුම් ගිණුම් වලට බැර කරන ලද මුදල් ප්‍රමාණය අනුව, අඛණ්ඩ මාසික ස්ථාවර නියෝග 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මගින් මුදල් බැරකරන ගිණුම් සඳහා, රු. 2,000/- දක්වා වූ බෝනස් මුදලක් ගෙවන ලදි.

මේ සම්බන්ධයෙන් අමානා බැංකුවේ තැන්පතු ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී අර්ෂාඩ් ජමාල්ඩීන් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “පසුගිය වසර බොහෝ දෙනෙකුට මූල්‍යමය වශයෙන් අභියෝගකාරී කාලයක් වුවත්, තම දරුවන්ගේ ඉතුරුම් ගිණුම් වෙනුවෙන් ලබා දී තිබූ ස්ථාවර නියෝග අඛණ්ඩව පවත්වාගෙන යාමට අපගේ ගනුදෙනුකරුවන් පියවර ගත්තා. එවැනි දෙමාපියන් ඇගයීමට ලක්කිරීමක් වශයෙන්, එම ළමා ඉතුරුම් ගිණුම් සඳහා වසර අවසාන බෝනස් මුදලක් ලබාදීම වැදගත් බව අපගේ අදහසයි. පසුගිය වසරේදී මෙම වැඩසටහන අත්පත් කරගත් සාර්ථකත්වය අනුව මෙන්ම, තම දරුවන් වෙනුවෙන් වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම උදෙසා, ස්ථාවර නියෝග බෝනස් ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2021 වසර සඳහා ලබාදෙන උපරිම බෝනස් මුදල රු. 10,000/- දක්වා වැඩිකර ඇති බව මා දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්.”

ස්ථාවර නියෝග ලබාදීමට හෝ පවතින ස්ථාවර නියෝගයේ වටිනාකම වැඩිකිරීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට, bit.ly/AmanaCSO ඔස්සේ අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාව වෙත පිවිසීමෙන් එම අවශ්‍යතාව පහසුවෙන් ඉටුකරගත හැකි වේ.

මේ ආකාරයට ස්ථාවර නියෝග බෝනස් දීමනාවක් ලබාදීමට අමතරව, දරුවන් කුඩා කල සිටම ඔවුන් වෙනුවෙන් ඉතිරි කිරීමට දෙමාපියන් දිරිමත් කිරීම සඳහා, වයස අවුරුදු 2 ට අඩු දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ආරම්භ කිරීමේදී රු. 1,000/- ක ආරම්භයක ශේෂයක් (Pre-loaded balance) ලබාදීමටද අමානා බැංකුව පියවර ගෙන ඇත.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට  අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව