අමානා බැංකුවේ නවතම ATM යන්ත්‍රය Cool Planet Department Store පරිශ්‍රයේදී විවෘත වේ.

Cool Planet ATM Opening-02

 



 

 

අමානා බැංකුවේ නවතම ATM යන්ත්‍රය පාරිභෝගිකයන් වෙත විවෘත කිරීම Cool Planet Department Store පරිශ්‍රයේ දී පසුගියදා සිදුවිය. මහල් කිහිපයකින් යුත් මෙම සුවිසල් අලෙවිසැල අංක 149, එස්. ද. එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. ජාත්‍යන්තර සන්නාමවලට අයත් ඇඟලුම් වර්ග රාශියක් මෙම අලෙවිසැලෙන් මිලදීගත හැකි අතර, ආපනශාලා පහසුකම් ද ඊට ඇතුළත් ය.

අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා විසින් මෙම නව ATM යන්ත්‍රය විවෘත කරන ලදි. අමානා බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල්, සහකාර උප සභාපති (ආයතනික බැංකුකරණ) රාජේන්ද්‍ර ජයසිංහ, පාරිභෝගික සම්භන්ධීකරණ කළමනාකරු මංජුල පීරිස් සහ Cool Planet හි පාරිභෝගික අළෙවි ප්‍රධානී ඉම්රාන් ඉක්බාල් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“නුගේගොඩ Cool Planet ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට මුදල් ලබාගැනීම සහ ශේෂය පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා මේ ආකාරයට ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ සඳහා අප සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව අප Cool Planet කළමනාකාරීත්වයට ස්තූතිවන්ත වනවා.” විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා එසේ තම අදහස් දැක්වීය.

“නුගේගොඩ පිහිටි අපගේ නව ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීම අපගේ පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වේ. ඒ වෙනුවෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වනවා.” එම අවස්ථාවට සහභාගී වූ  Cool Planet හි පාරිභෝගික අළෙවි ප්‍රධානී ඉම්රාන් ඉක්බාල් මහතා පැවසී ය.

“ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මගින් ලගා කරගත් සාර්ථකත්වයෙන් අනතුරුව, මේ ආකාරයට Department Store ගණයේ අලෙවිසැලක ප්‍රථම වරට ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය Cool Planet වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වනු ඇති බවට සැකයක් නැහැ.” එම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ෂාඩ් ඉක්බාල් මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව