අමානා බැංකුවේ තැන්පතු රු. බිලියන 100 සීමාව පසුකරයි

Chief Executive Officer Mohamed Azmeer Pic

 



 

 

 

අමානා බැංකුවේ පාරිභෝගික තැන්පතු වල මුළු වටිනාකම 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළදී රු. බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එම බැංකුව මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු අතරින් කෙටිම කාලයක් තුළ එම සීමාව පසු කළ බැංකු අතරට පත් වී ඇත. 2022 වසරේ පළමු කාර්තුවේදී බැංකුවේ පාරිභෝගික තැන්පතු වල වටිනාකම රු. බිලියන 105.7 ක් වූ අතර, මෙය 2021 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බිලියන 96.2 ට සාපේක්ෂව 10% ක පමණ වර්ධනයකි. එමෙන්ම 2021 වසරේදී Global Banking & Finance Review විසින් අමානා බැංකුව මෙරට වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක්කරන ලද අතර, The Asian Banker විසින් අමානා බැංකුව පොලී රහිත බැංකුකරණ ආකෘතියට අනුගතව මෙහෙයුම් සිදුකරන ලොව ශක්තිමත්ම බැංකු 50 අතරටද නම්කරන ලදි.

“මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට මේ වනවිට විශාල පිළිගැනීමක් හිමි වී ඇති බව මෙමගින් තහවුරු වෙනවා. එමෙන්ම ලාභ බෙදාගැනීමේ පදනම යටතේ බැංකුව මගින් ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීම මීට තවත් හේතුවක්. දිගින් දිගටම මේ ආකාරයට අප කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන්ට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

“මේ දක්වා අමානා බැංකුව ඉතාමත් සාර්ථක තැන්පතු සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. සම්මාන දිනූ ‘Savings Plan’ සහ ‘Flexi Term Investment’ ඒ අතරින් ප්‍රධානයි. එමෙන්ම ‘Prestige’, ‘Vantage’ සහ ‘Expat Gold’ වැනි විශේෂිත සේවාවන් තුලින්  ගනුදෙනුකරුවන්ට වෙනම සම්බන්ධතා කළමනාකරණ නිලධාරීවරයකුගේ පහසුකම සහ වටිනා ප්‍රතිලාභ රාශියක් සමගින් සුවිශේෂී සේවාවක් හිමි වෙනවා. මේ සියල්ල, අපගේ ජනප්‍රියත්වයට හා සාර්ථකත්වයට මුල්වූ හේතු ලෙස පෙන්වා දීමට පුළුවන්.” අමානා බැංකුවේ සහය  උප සභාපති (තැන්පතු හා ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්ඩීන් මහතා පැවසී ය.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජිවිතයක්” යන සංකල්පය  ඉලක්ක කරගත් අමානා බැංකුව මේ වනවිට ශාඛා 33 කින් හා ස්වයං බැංකුකරණ සේවා ස්ථාන 20 කින් සමන්විත ක්‍රමයෙන් වර්ධනය වන ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 5400 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙද්දා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව