අමානා බැංකුවෙන් ජංගම රථ සේවාවක්

Amana-bank-01

කොවිඞ්-19 වසංගතය නිසා නිවෙස්වල ගත කිරීමට සිදුවීම හේතුවෙන්, පාරිභෝගිකයන්ට තම දෛනික බැංකු අවශ්‍යතා සිදු කර ගැනීමට ඇති බාධාවන් අවබෝධ කරගත් අමානා බැංකුවිබෑන්ක් ඔන් වීල්ස්’ (ඊ්බන දබ උයැැකි* හෙවත් ජංගම රථයක් හරහා ඔවුන්ට බැංකු කටයුතු කරගන්නට අවස්ථාව සලසා දී තිබේ. මෙම සේවාව ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශ වෙත ළඟා වෙමින් ්ඔඵ පහසුකම් සැලසීම සිදු කරන අතර, අමානා බැංකු පාරිභෝගිකයන්ට පමණක් නොව, වෙනත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද ඉන් සේවාවන් ලබා ගනිමින් රජයේ සෞඛ්‍යාරක්ෂණ විධිවිධානයන්ට අනුකූලව ආරක්ෂිතව නිවෙස්වල රැඳෙන්නට අවස්ථාව ලැබේ.

නව ජංගම රථ සේවාව ඉහළ පාරිභෝගික ඉල්ලූම සහිත පෙදෙස් වෙත ළඟා වන සේ කටයුතු සලසා තිබෙන අතර, ඒ පිළිබඳ විස්තර බැංකුවේ නිල වෙබ් අඩවියේත්, සමාජ ජාල වෙබ් අඩවිවල ද පළ කෙරෙනු ලැබේ. ගනුදෙනුකරුවන්ට තම ප‍්‍රදේශයට මෙම සේවාව ලබා ගන්නට ඉසඑගකහරැඊ්බනධබඋයැැකි සබැඳිය හරහා ඉල්ලූම් කළ හැකි වේ. ජංගම රථ සේවාව ලබා ගැනීමේදී එය භාවිතයට පෙර සහ පසු විෂබීජනාශක යොදා දෑත් සේදීම, එකිනෙකා අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම යනාදී සෞඛ්‍යාරක්ෂණ විධිවිධානයන්ට අනුකූල වීම අපේක්ෂා කෙරේ.

නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී මොහොමඞ් අස්මීර් මහතා මෙසේ පැවසීය: ”පවතින තත්ත්වය නිසා මෙන්ම රජයේ උපදෙස් අනුව, කෙටි කාලයක් තුළදීම බැංකු අවශ්‍යතා වෙත පහසුකම් සැලසීම සඳහා ජංගම රථ දියත් කිරීමට අපට සාර්ථකව හැකි වුණා. ඩිජිටල් සේවාවන්ට සමගාමීව මේ නව මෙහෙයුම ද සමග බැංකු කටයුතු කරගන්නට අවශ්‍ය ජනතාව වෙත උපරිම සේවාවක් සලසන්නට අපිට හැකිවීම සතුටට කරුණක්.”

අමානා බැංකු ගනුදෙනුකරුවන්ට අඅඅග්ප්බ්ඉ්බනගකන වෙබ් අඩවියට පිවිසීමෙන් සරල පියවර කිහිපයකින් අන්තර්ජාල බැංකුකරණ සේවාව සමග ලියාපදිංචි වීමට හැකියාව පවතී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව