අමානා තකාෆුල් රක්ෂණ සමාගම, ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම ජංගම දුරකථන යෙදවුම‘ වෙනුවෙන් සම්මානයට පාත්‍රවෙයි

1- Nalin - Head of Digital Transformation

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයවන සහ සම්මානයට පාත්‍ර වූ රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගියදා පැවැති 2024 වසරේ ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම ජංගම දුරකථන යෙදවුමට (Mobile App of the Year – Sri Lanka) හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. ලොව නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමාගම සතු කැපවීම මෙම සම්මානය හරහා හොඳින් පිළිබිඹු වේ.

 



 

ජුලි 9 වැනිදා සිංගප්පූරුවේ මරීනා බේහිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී, කලාපයේ හොඳම රක්ෂණ සමාගම් සහ ඔවුන්ගේ නවෝත්පාදන දායකත්වයත්, රක්ෂණ කර්මාන්තය තුළ ඔවුන්ගේ නායකත්ව භූමිකාවත් ඇගයීමට ලක්විය. අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ නව ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට සමගාමීව හඳුන්වාදුන් රථවාහන රක්ෂණ යෙදවුම (motor insurance app) වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

″අපගේ ජංගම දුරකථන යෙදවුමට මෙම සම්මානය හිමිවීම ගැන අපි මහත් සේ සතුටට පත්වෙනවා. අපගේ පාරිභෝගිකයින් වෙත නවමු සහ පහසු පාරිභෝගික අත්දැකීම් සමීප කිරීමට අප සතු කැපවීම එමගින් පෙන්නුම් කෙරෙනවා. මෙය අපට වගේම ශ්‍රී ලංකාවටත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්වීම නිවැරදියි. ඉදිරියටත් පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන අයුරින් අපගේ ඩිජිටල් අවකාශය නවීකරණය කිරීමට අපි අපේක්ෂා කරනවා″, යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ඩිජිටල් අංශ ප්‍රධානී නලින් දිනුදය සකලසූරිය මහතා ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයින්ට තමන්ගේ රක්ෂණ වන්දි ලබාගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ජංගම දුරකථන යෙදවුම මගින් මෙහෙයවීමට අවස්ථාව ලබාදී තිබීම මෙම යෙදවුමේ ඇති මූලිකම විශේෂාංගය වේ. එනම්, රක්ෂණ වන්දි ක්‍රියාවලිය ආරම්භ කිරීම, අදාළ ඡායාරූප ඉදිරිපත් කිරීම, අනෙකුත් අත්‍යවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම මෙන්ම රක්ෂණ වන්දි ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමටත්, තම රක්ෂණ වන්දි ඉතිහාසයට අදාළ තොරතුරු ලබාගැනීමටත් මෙම යෙදවුම මගින් පහසුකම් සලසා තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව