අමනා බැංකුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමග එක්වී ලැප්ටොප් මිලදීගැනීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසයි

73f36d6f5343c0d5381c2c4492b8e8b1_collage2_450-1

 




 

 

අමානා බැංකුව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම යටතේ සිසු සිසුවියන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා අමනා බැංකුව වෙතින් සහනදායී මූල්‍ය පහසුකම් ලබාගත හැකි වේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය සම්බන්ධ විශාලතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සක්‍රීය සාමාජික සාමාජිකාවන් 6,000 කට අධික පිරිසකගෙන් සමන්විත වන අතර, 30,000 කට වැඩි සිසු සිසුවියන් පිරිසක් එහි ලියාපදිංචි වී සිටිති. මෙම නව ගිවිසුම යටතේ එම සිසු සිසුවියන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා රු. 150,000 ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගත හැකි අතර, එම මුදල ආපසු ගෙවීම සඳහා මාස 48 ක් දක්වා කාලයක් හිමි වේ. විශේෂ සහනදායී වාරික ක්‍රමයක් යටතේ ලබාගත හැකි මෙම මූල්‍ය පහසුකම, මෙම සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව, මාර්ගගත (Online) ක්‍රමයට සිදුකිරීම සඳහා විශාල අත්වැලක් වනු ඇත. දැනට ආදායමක් නොලබන සිසු සිසුවියන්ටද, තම ආදායම් උපයන දෙමාපියන් සමග එක්වී මෙම මූල්‍ය පහසුකම සඳහා අයදුම් කළ හැකි වේ.

“මෙම හවුල්කාරීත්වය අපගේ සිසු සිසුවියන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි කියා අප සිතනවා. ඔවුන් ඉගෙනීමට බෙහෙවින් උනන්දු නමුත්, මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලැබීමේදී මූල්‍යමය ගැටලු නිසා නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව පැහැදිලියි. COVID-19 තත්ත්වය හේතුවෙන් දේශන සහ විභාග පවා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන නිසා, ලැප්ටොප් පරිගණයක් තිබීම ඔවුන්ට වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉගෙනුම ලැබීමට විශාල පිටිවහලක් වේවි. අනාගතයේදී වරලත් ගණකාධිකාරී වරුන් බවට පත්වීමට අපේක්ෂාවෙන් පසුවන දහස් ගණනක් සිසු සිසුවියන්ට අත්වැලක් වීම සඳහා මෙලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අප අමානා බැංකුව වෙත අපගේ ස්තූතිය පළකර  සිටිනවා.” ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී දුලානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.

“සිසු සිසුවියන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීම සඳහා ලැප්ටොප් පරිගණක අත්‍යවශ්‍ය වී ඇති මෙවැනි කාලයක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමග අත්වැල් බැඳගෙන එහි සිසු සිසුවියන් වෙනුවෙන් මෙවැනි මූල්‍ය පහසුකමක් හඳුන්වා දීමට ලැබීම අපට මහත් සතුටක්. හොඳ අධ්‍යාපනයක් යනු යහපත් අනාගතයක පදනම බව අමානා බැංකුව තරයේ විශ්වාස කරනවා. මේ විශේෂ මූල්‍ය පහසුකම් යෝජනා ක්‍රමය ඔස්සේ සිසු සිසුවියන්ට එවැනි යහපත් අනාගතයක් උදාකරගැනීම සඳහා අත්වැලක් වීමට අප සූදානම්.” අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සිසු සිසුවියන්ට https://www.amanabank.lk/ca-students-laptop-financing.html වෙත පිවිසීමෙන් ඒ සඳහා අයදුම් කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර සහ සම්බන්ධතා නිලධාරීන්ගේ තොරතුරු එහි සවිස්තර ලෙස දක්වා ඇත.

 

 

 

 



 
 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව