අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක් ඇති කර ගෙන ඇත.
මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම ආදිය අරමුණු කරගන්නා බව බැංකුව ප්‍රකාශ කරයි.
මෙම වැඩිදියුණු කරන ලද ක්රියාකාරීත්වයෙහි ප්‍රතිඵල ඔස්සේ විදේශ මුදල් ගෙවීම් සහ පියවීම් සඳහා පහසුකම් සලසමින් MyFees.lk වේදිකාවෙහි සීමාවන් පුළුල් කිරීමටත් පුළුල් පරාසයක කාඩ්පත් වර්ග සක්‍රීය කිරීමටත් කොමර්ෂල් බැංකුවේහි හවුල්කාරීත්වය උපකාරී වනු ඇත.
MyFees.lk සමගින් වන ඒකාබද්ධතායෙන් කොමර්ෂල් බැංකුව හරහා මාස්ටර් කාඩ් ගෙවීම් දොරටු සේවාවන් (MPGS) ලබාදීමෙන් MyFees.lk සඳහා ශක්තිමත් පැවැත්මක් ඇති බස්නාහිර පළාතෙන් ඔබ්බට දිවයිනේ ප්‍රධාන කලාපයන්හි අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වීමට ද උපකාරී වනු ඇතැයි බැංකුව පවසයි.
ආයතන 120කට අධික සංඛ්‍යාවක් හා හවුල් වෙමින් සිසුන් 450,000කට අධික සංඛ්‍යාවකට එකම වහලක් යටතේ ගෙවීම් කටයුතු සඳහා අධ්‍යාපන ආයතනයන්හි විශාලතම කළඹයට MyFees.lk ප්‍රවේශය ලබා දෙයි.
දේශීය හා විදේශීය අධ්‍යාපනය හදාරන රැකියාවන්හි යෙදුණු හා නොයොදුනු ශිෂ්‍යයන් දෙපාර්ශවය සඳහාම කොමර්ෂල් බැංකුව අධ්‍යාපන ණය පහසුකම් නම්‍යශීලී කොන්දේසි මත ලබාදෙයි. මෙම ණය දිගු ආපසු ගෙවීමේ කාලයක් සහ ආකර්ෂණීය පොලී අනුපාතයන්ගෙන් සමන්විතය. මීට අමතරව ණය පහසුකමේ මූලික මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීමට පෙර පොලිය මත පමණක් වසර දෙකක සහන කාලයක් භුක්ති විඳීමට ශිෂ්‍යයන් සුදුසුකම් ලබනු ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.