අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තයේ 30 වසරක විප්ලවීය ගමන් මග සමරමින් සෙලීන් විසින් ‘’New 30˜ වැඩසටහන එළිදක්වයි

thumbnail_image2 (1)

 




 

 

 ශ‍්‍රී ලංකාවේ Fair trade සහතිකය ලත් එකම අත්යන්ත‍්‍ර රෙදිපිළි සමාගම වන සෙලීන්, අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තයේ ජයග‍්‍රාහී දශක තුනක් සැමරීමට සමගාමීව ඔවුන්ගේ ‘’New 30’’ වැඩසටහන දියත් කරන බව නිවේදනය කළේය. වසර 30කට පසු, සෙලින් විසින් බ්ලොක්චේන් විසඳුම් ඇතුළත් අත්යන්ත‍්‍ර රෙදිපිළි-අනාගතයක් කරා බලපෑම් සහගත ඉදිරි පියවරක් තැබීමට සූදානම් වන අතර, තොරතුරු සොයාගැනීමේ හැකියාව, සදාචාරාත්මක මූලාශ‍්‍රකරණය, පාරිසරික බලපෑම සහ තවත් බොහෝ දේ තම පාරිභෝගිකයින්ට සන්නිවේදනය කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

‘’New 30’’ වැඩසටහන පිළිබඳව නිවේදනය කරමින් මාධ්‍ය හමුවකදී එහි නිර්මාතෘ සැන්ඩ‍්‍රා වඳුරාගල සඳහන් කළේ මෙවන් අදහසකි. ‘’ශ්‍රී ලාංකීය රෙදිපිළි වියන්නන්ගේ තිස් වසරක ගමන් මග මෙසේ සැමරීමට ලැබීම ගැන ඇත්තෙන්ම අපි ආඩම්බර වෙනවා. අද අපි මෙසේ සමරනු ලබන්නේ අපගේ සන්නාමය ලෝකය කරා ගෙන යාමට හදවතින්ම කැප වූ අපගේ රෙදි වියන්නන්ගේ, ශිල්පීන්ගේ, නිර්මාණකරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සමූහ කැපවීමෙන් මෙතෙක් පැමිණි ගමන් මගයි.’’ 1991 දී වඳුරාගල මහත්මිය විසින් සෙලීන් ආරම්භ කරන ලද්දේ ඇගේ නිවසින් පිටත වැඩ කරන රෙදි වියන්නන් 15 දෙනෙකු සමඟ යි. අද වන විට සමාගම ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල රෙදි වියන්නන් සහ ශිල්පීන් 1000කට අධික සංඛ්‍යාවක් සවිබල ගන්වයි. ‘’අපගේ සමාජයේ කාන්තාවන්ගේ ජීවන තත්වය සවිබල ගැන්වීම සහ ඔවුන්ව නඟාසිටුවීම මෙන්ම මෙම කර්මාන්තය අපගේ සංස්කෘතිය සහ උරුමය නියෝජනය කරන බැවින් අත්යන්ත‍්‍ර රෙදිපිළි සඳහා පිළිගැනීමක් ඇති කිරීමට අපට අවශ්‍යයි.’’

‘’New 30’’ වැඩසටහන තුළින් සෙලීන් හි අත්කම් නිර්මාණවලින් යුත් රෙදිපිළි සඳහා යොදාගත් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තයට ආකර්ෂණීය අනාගතයක් උදා කිරීමට සෙලින් බලාපොරොත්තු වේ. ගෝලීය වෙළඳපොල තුළ අත්යන්ත‍්‍ර රෙදි සහ නිෂ්පාදන සඳහා ඉහළ අගයක් ඇති කරමින් කර්මාන්තය සැබවින්ම වැඩි දියුණු කරන තොරතුරු සොයාගැනීමේ හැකියාව සහතික කිරීම සඳහා, ඉහළ තාක්ෂණික විසඳුම් (බ්ලොක්චේන්) සමඟ අවම තාක්ෂණය ඒකාබද්ධ කිරීම, උරුමයන් විදහා පෑම සහ සංරක්ෂණය කිරීම සමාගම මෙහිදී අරමුණු කරයි.

”Fair trade සහතික කළ සමාගමක් ලෙස, සෙලීන් හි, නිෂ්පාදන කුළුණු වන විනිවිදභාවය, තිරසාරභාවය සහ සදාචාරාත්මක නිෂ්පාදනයක් සඳහා අපි කැපවී සිටින අතර අපගේ නිෂ්පාදන නාමය බැබළවීම සඳහා මෙම පරිචයන් ඉවහල් වෙනවා. අපගේ අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තය මෙතෙක් පැමිණි ගමන පිළිබඳව කතා කිරීමේ දී, අත්කම් නිර්මාණ නිෂ්පාදනයේ සිට ගෝලීය තිරසාර කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස පරිවර්තනය වෙමින් ආ ගමන් මග ඇත්තෙන්ම සිත් ඇදගන්නාසුළුයි. වසර 30 ක් පුරාවට, අපගේ සැපයුම් දාමය සඳහා වැඩි විනිවිදභාවයකින් සහ නව ඇඟළුම් තාක්ෂණයන් ඒකාබද්ධ කරමින් අපගේ කර්මාන්තය වෙනසකට ලක් කිරීමට කිරීමට අපි දැඩි ලෙස කැපවෙන අතර අපි පිරිනමන නිෂ්පාදනයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න අපි කැපවෙනවා.’’ යනුවෙන් සෙලීන් හි ව්‍යාපාර ප‍්‍රවර්ධන අධ්‍යක්ෂ සෙලීනා පීරිස් මහත්මිය පැවසුවාය.

වේගවත් නිෂ්පාදන චක‍්‍ර, අධික සම්පත් භාවිතය, අපද්‍රව්‍ය උත්පාදනය, පරිසර දුෂණය සහ සදාචාර විරෝධී ශ‍්‍රම තත්ත්වයන් සමඟ සම්බන්ධ වූ සමාජ හා පාරිසරික නිගමනයන් පිළිබඳව ගෝලීය අත්යන්ත‍්‍ර රෙදිපිළි සහ විලාසිතා කර්මාන්තය සාක්ෂි දරයි. විලාසිතා නිෂ්පාදනවල සමාජ හා පාරිසරික බලපෑම් පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය වර්ධනය වීම තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදන සඳහා නව වෙළඳපොළක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.

සෙලීන් යනු ශ‍්‍රී ලංකාවේ එකම සාධාරණ වෙළෙඳ අත්යන්ත‍්‍ර රෙදිපිළි සමාගම වන අතර රටේ විශාලතම සමාජ ව්‍යවසායක ආයතනයන්ගෙන් එකකි. සෙලීන් 100% කපු වලින් සාදන ලද නිෂ්පාදන ගෙන ඒම සඳහා ශ‍්‍රී ලාංකේය අත්යන්ත‍්‍ර රෙදි වියන්නන්ගේ සම්ප‍්‍රදායික ප‍්‍රජාව සහ අසීමිත කුසලතාවයකින් සහ කැපවීමකින් යුතුව කටයුතු කරයි. 1991 දී සැන්ඩ‍්‍රා වඳුරාගල මහත්මිය විසින් ආරම්භ කරන ලද සෙලින්, ශ‍්‍රී ලංකාවේ කුරුණෑගල වඳුරාගල ගම්මානයේ කාන්තාවන් 15 දෙනෙකුගෙන් ආරම්භ විය. සෙලීන් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සවිබල ගැන්වූ ශිල්පීන් 1000 කට අධික සංඛ්‍යාවක් සමඟින් වැඩ කටයුතු කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව