අඛණ්ඩව 20 වන වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් වූ බැංකුව කොමර්ෂල් බැංකුවයි

LMD Most Respected Entities in Sri Lanka 2024 (LBN)

LMD සඟරාව විසින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරය දිනාගත් සමාගම් ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම සමඟ, කොමර්ෂල් බැංකුව මෙරට වඩාත් ගෞරවාදරයට පත් වූ බැංකුව ලෙස දශක දෙකක් සම්පූර්ණ කර ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සමස්ත ශ්‍රේණිගත කිරීමෙහි පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් මෙරට ගෞරවාදරය දිනාගත් සියලුම සමාගම් අතරින් සමස්ත තුන්වන ස්ථානය හිමිකර ගෙන ඇත.

 




 

ශ්‍රේණිගත කිරීම සඳහා සලකා බලන ගුණාත්මක අංශ වලින් කොමර්ෂල් බැංකුව අංක 01 බවට පත්ව ඇත්තේ මනා පාලනයක් ඇති ආයතනයකට අත්‍යවශ්‍ය ගුණාංග වන මූල්‍ය කාර්ය සාධනය, අවංකභාවය සහ බදු අනුකූලතාවය සඳහා ය. එසේම 2024 වසරෙහි LMD සමීක්ෂණ මගින් තවත් ගුණාංගයන් 11ක් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් පහ අතර කොමර්ෂල් බැංකුව ශ්‍රේණිගත වී ඇත.

ගුණාත්මක හැඟීම සහ ජාතික ඉදිරි දර්ශනය සඳහා සමස්ත ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයත්, සදාචාරාත්මක දැක්ම, ආයතනික තිරසාරත්වය, උපායමාර්ගික දැක්ම, නායකත්ව පැතිකඩ හා ආයතනික සංස්කෘතිය වෙනුවෙන් සමස්තයෙන් තෙවන ස්ථානයත් හිමි කරගෙන ඇත. ආයතනික ගතිකත්වය, අභිලාෂකාමී රැකියා ස්ථාන,  සහ අර්බුද කළමනාකරණය සඳහා සමස්තයෙන් සිව්වන ස්ථානයත් ව්‍යාපාර නවෝත්පාදනය වෙනුවෙන් පස්වන ස්ථානයත් කොමර්ෂල් බැංකුවට හිමිව තිබේ.

LMD සඟරාව මගින් 2005 වර්ෂයේ පටන් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ශ්‍රේණිගත කිරීම තුළ මෙරට වඩාත් ගෞරවාදරයට පත් පළමු ආයතන පහ අතර රැඳී සිටීමට කොමර්ෂල් බැංකුවට හැකියාව ලැබී ඇත.

බැංකුව ළඟා කරගත් නවතම ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය.         “ගෞරවය අතිශයින් වෙහෙසී කැපවීමකින් දිනාගන්නා දෙයකි. අවංකභාවය, මූල්‍ය කාර්ය සාධනය සහ බදු අනුකූලතාවය සඳහා රටෙහි හොඳම ආයතනය ලෙස මහජන ඡන්දය ලැබීම අපගේ සෑම සේවකයෙකු සඳහාම මිල කළ නොහැකි උපහාරයකි. ඉහළ මට්ටමේ විශිෂ්ඨතාවය පවත්වා ගැනීම සඳහා මහජනතාවගේ ගෞරවාදරය අප නිහතමානීව සහ නව අධිෂ්ඨානයෙන් පිළිගන්නෙමු.”

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව