හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

Image

හේලීස් සමුහ ආයතනයට අනුබද්ධ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන හේලිස් ඇවෙන්චුරා ආයතනය, සිය ගැනුම්කරුවන් හට පුළුල් නැවත ගෙවීමේ පහසුකම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත.

මෙම පහසු ගෙවීමේ සැලැසුම හරහා හේලීස් ඇවෙන්චුරා හි පාරිභෝගිකයන්ට , කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් මාස හැටක් දක්වා දීර්ඝ, පහසු ගෙවීම් කාලයක් ලබා ගත හැකිය. ගෘන්ඩ්ෆෝස් (Grundfos) ජල පොම්ප, ජෙනරේටර් සහ ජෙනරේටර් අමතර කොටස් ඒවරි වේ – ට්‍රොනික්ස් (Avery Weigh-Tronix) තරාදි, ABB මෝටර් සහ පාලක, ඉන්වර්ටෙක් ඩ්‍රයිව් (Invertek Drive) බලශක්ති ඉතුරුම් විසඳුම් මෙන්ම වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම් ඇතුළු නිෂ්පාදන සහ සේවා රැසක් වෙනුවෙන් මෙම සැලසුම පිරිනැමේ.
 



 
රුපියල් 25,000ක අවම මිලක සිට රුපියල් මිලියනයක් දක්වා වූ ගනුදෙනු සඳහා මෙම පහසු ගෙවීමේ සැලසුම  වලංගු වන අතර, සමාන මාසික වාරික හරහා නැවත ගෙවීම් සිදුකළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ඇවෙන්චුරා  මූල්‍ය අධ්‍යක්ෂිකා ශෂී ජයකොඩි මහත්මිය පැවසූවේ,  “පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය තුළ අපගේ පාරිභෝගිකයන් වෙත,  දැරිය හැකි සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. මෙවැනි පසුබිමක් තුළ කොමර්ෂල් බැංකුව සමඟ සම්බන්ධ වෙමින්, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා අපගේ නිෂ්පාදන සහ සේවාවන් වෙත පිවිසීමේ අවස්ථාවන් සහ හිමිකාරීත්වය ලබා ගැනීමේ හැකියාවන් පුළුල් කිරීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා.”

හේලීස් සමූහයේ කාර්මික අවශ්‍යතාවන් සහ බලශක්ති ඒකකය නියෝජනය කරන හේලිස් ඇවැන්චුරා ආයතනය, කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම් , කාර්මික අමුද්‍රව්‍ය සහ බලශක්ති , පුනර්ජනනීය බලශක්ති යන ප්‍රධාන උපාය මාර්ගික ව්‍යාපාර ඒකක හතරකින් සමන්විත වේ.

මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා පැවසූවේ, “හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයකු මෙන්ම ප්‍රමුඛතම කාර්මික විසඳුම් සපයන්නකු වන හේලිස් ඇවෙන්චුරා සමාගම සමග මෙවැනි ගිවිසුමකට එළඹීම පිළිබඳව කොමර්ෂල් බැංකුව ලෙස අපි ඉමහත් සතුටට පත්වෙනවා. අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලැබෙන ආකර්ෂණීයම පහසුකම වන්නේ , තමන්ගේ මූල්‍ය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පහසු ගෙවීමේ සැලසුම් තෝරාගැනීමේ හැකියාවයි. මෙම නම්‍යශීලී ගෙවීම් සැලසුම් මගින් අපගේ පාරිභෝගික ජනතාවගේ පීඩාකාරී මූල්‍ය ගැටලු ලිහිල් කිරීමට අපට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව , ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව වේ. දිවයින පුරා විහිදුන ශාඛා ජාලයක් මෙන්ම ස්වයංක්‍රීය යන්ත්‍ර 966කින් සමන්විත කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ඉහළම ණය පහසුකම් පිරිනමන බැංකුව ලෙස දැවැන්ත මෙහෙවරක් සිදුකරයි. මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණයේ පුරෝගාමියා ලෙස නම් දරන්නේ ද කොමර්ෂල් බැංකුවයි. බංග්ලාදේශයේ ශාඛා විස්සක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙන්ම මාලදිවයිනේ බහුතර කොටස් හිමි, අංග සම්පූර්ණ පළමු පෙළ (Tier 1) බැංකුවක්ද හිමි කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලාංකීය බැංකු අතරින් පුළුල් ජාත්‍යන්තර ගමන් මගක් සහිත , ප්‍රමුඛතම බැංකු සමාගමක් ලෙසින් සිය ස්ථාවරය තහවුරු කර ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව