හච් 4G සඳහා දැන් cliQapp

hutch2

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ.

හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි පාරිභෝගිකයින් භාවිත කරන යෙදවුමක් වූ අතර, ඉකුත් වසරේ එටිසලාට් ශ්‍රී ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, රටපුරාව්‍යාප්ත කෙරුණුහච්4Gජාලය හේතුවෙන් cliQයෙදවුම 072 හා 078 අංක දරන සෑම හච් ග්‍රාහකයකුටම භාවිත කිරීමේ හැකියාව ලැබිණි.

cliQයනු පරිශීලකයින් හටඉතා පහසුවෙන් කාලය මත පදනම්ව අසීමිත අන්තර්ජාල පැකේජ මිලදී ගත හැකි  යෙදවුමකි. එමගින් MB හා GBඩේටා කෝටා වෙනුවට තෝරා ගත් කාල සීමාවන් සඳහා, අසීමිත අන්තර්ජාල ප්‍රවේශය සැලසේ. ඉන් අදහස් වන්නේ, හදිසියේ ඩේටා ඉවර වීම ගැන කරදර නොවී, සිය මනස නිරවුල්ව පවත්වා ගනිමින් රිසි සේ අන්තර්ජාලයේ සැරි සැරීම සඳහා පරිශීලකයින් හට ඉඩකඩ ඇති බවයි.

සෑම හච් පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයකු හටම, සිය 3G හෝ4G ස්මාර්ට් ජංගම දුරකතන මගින්, විනාඩි 30 සිට දින 30 ක් දක්වා කාල සීමාවක් තුළ අන්තර්ජාල සැලසුම් ගණනාවක්සපයමින් අසීමිත හා වඩාත් පහසු අන්තර්ජාල අත්දැකීමක් විඳ ගැනීමට cliQ යෙදවුම මගින් හැකියාව ලබා දෙයි.

“4G ජාලය කරා cliQ යෙදවුම තවදුරටත් වැඩි දියුණු කිරීමත් සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඩිජිටල් ජීවන රටාවට ගැලපෙනඅවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් සමීප හා පහසු සබඳතාවක් ලබා දීම පිළිබඳ අපගේ පොරොන්දුව ඉටු කරලිමට හැකි වී තිබෙනවා.”සහකාර සාමාන්‍යාධිකාරී(ඩේටා වී.ඒ.එස් හා ඩිජිටල්)යර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේය.

හච්  cliQ app යෙදවුම Google PlaystoreහාHuawei AppGallery මගින්ද,ioSස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින්ට App Store වෙතින්ද බාගත කළ හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව