සෙලින්කෝ ලයිෆ් 18 වැනි වසරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වෙයි

People's Award 2024 (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 වර්ෂයේදී අඛණ්ඩව 18 වැනි වසරට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කැන්ටාර්’ (SLIM – KANTAR) ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

සෙලින්කෝ ලයිෆ් හි ජනප්‍රියත්වය මෙසේ යළි සනාථ වූයේ, අඛණ්ඩ ව 20 වන වසර සඳහා සමාගමේ වෙළඳපොළ නායකත්වය තහවුරු කරන 2023 මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසුවය.

 



 

මෙම සම්මානය පදනම් වන්නේ විනිශ්චය මණ්ඩලයක් විසින් නොව, සමීක්ෂණයක ප්‍රතිඵල මඟින් තීරණය කරන ලද පාරිභෝගික මනාපයන් මත වන අතර, එය ජනප්‍රිය හැඟීම්වල සැබෑ පිළිබිඹුවක් බවට පත් කරයි. සම්මාන වැඩසටහන ආරම්භයේ සිට සෑම වරකම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ මෙම ගෞරවය දිනා ගත් එක ම සමාගම සෙලින්කෝ ලයිෆ් සමාගම වෙයි.

මෙම ගෞරවණීය සම්මානය පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “පාරිභෝගික විශ්වාසය ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතු වේ. ඒ අනුව අඛණ්ඩ ව වසර 18ක් පුරා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම අප ලැබූ විශ්මිත ජයග්‍රහණයක්. දශක දෙකක් මුළුල්ලේ අපගේ වෙළඳපොළ නායකත්වය පදනම් වී ඇත්තේ ගණුදෙණුකරුවන්ගේ විශ්වාසය මත වන අතර මෙම සම්මානය සෙලින්කෝ ලයිෆ් පාරිභෝගිකයන්ගේ සහ ප්‍රජාවගේ අපේක්ෂාවන් ඉක්මවන බවත් ආයතනයක් වශයෙන් ආශ්වාදයක් වන බවත්ය.

සෙලින්කෝ ලයිෆ් 2023 වසර අවසන් කළේ රුපියල් බිලියන 33.41 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 28ක ආයෝජන සහ අනෙකුත් ආදායමක් සහ රුපියල් බිලියන 61.4 ක මුළු ආදායමක් උත්පාදනය කරමිනි. ඊට අමතර ව 2023 වර්ෂයේ දී රක්ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ලැබී ඇති අතර ආයතනයේ ජීවිත අරමුදල බිලියන 157.5 දක්වා වර්ධනය වී ඇත. රුපියල් බිලියන 224.7 දක්වා වර්ධනය වූ මුළු වත්කම් සහ 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 198.1ක් වූ ආයෝජන කළඹක් ද සෙලින්කෝ ලයිෆ් සතු වේ.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් හි 2022 වාර්ෂික වාර්තාව දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) සම්මාන උළෙලේදී ජීවිත රක්‍ෂණ අංශයේ ‘ඉදිරිපත් කළ හොඳම වාර්ෂික වාර්තාව’ සඳහා ඒකාබද්ධ රන් සම්මානය සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් පිරිනමන ලද තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ‘මූල්‍ය සේවා සහ රක්ෂණ’ කාණ්ඩයේ හොඳම වාර්තාව ලෙස තේරී පත් විය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව