සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ ජයග්‍රාහකයන් තුර්කියේ සිහින නිවාඩුවක් ගත කරයි

FS 17 - Turkiye (1) (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකීය පවුල් පහකට සංචාරක ලෝලීන්ගේ සිහිනයක් වන ලොව ඓතිහාසික සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් ම නගරයක් වන තුර්කියෙහි ඉස්තාන්බූල් වෙත සංචාරය කිරීමේ සිහිනය යථාර්ථයක් විය.

සෙලිකෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට දින පහක් පුරාවට, සමාගම විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර, ප්‍රවාහනය සහ ගමනාන්තයේ වඩාත් ම කැපී පෙනෙන සුවිශේෂී ස්ථාන වෙත විනෝද චාරිකා ඇතුලු තුර්කියෙහි සියලු වියදම් සහිත නිවාඩුවක් හිමි විය.

 



 

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සහ ‘ෆැමිලි සවාරි’ හි සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ඇතුලු පිරිස ඓතිහාසික නිල් පල්ලිය (Blue Mosque), ටොප්කපි මාලිගය (Topkapi Palace) සහ හගියා සොෆියා (Hagia Sophia) දැක බලා ගත් අතර පියර් ලොටි කන්ද (Pierre Loti Hill) වෙත කේබල් කාර් ගමනක් මෙන්ම සුප්‍රසිද්ධ සම් කම්හලක (Leather Factory) සංචාරය කළේය. ඊට අමතරව කැම්ලිකා කන්ද (Camlica Hill), කැම්ලිකා පල්ලිය (Camlica Mosque), ස්පයිස් බසාර් (Spice Bazaar) සහ බෙයිලෙර්බි මාලිගය (Beylerbeyi Palace) සංචාරය කිරීම මෙන් ම ආසියාව සහ යුරෝපය අතර මහද්වීපික මායිම වන බොස්පොරස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කිරීමෙන් චාරිකාව අවසන් කරන ලදි.

17 වන ‘ෆැමිලි සවාරි’ හි ජයග්‍රාහකයන් අතරට එක් වූ තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජුනි මාසයේදී මැලේසියාවේ සංචාරය කිරීමට නියමිතයි.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 250 දෙනෙකුගෙන් සමන්විතව 1000කට ආසන්න පිරිසක් පර්ල් බේ තේමා උද්‍යානයේ සිදු කළ දිවා සංචාරයට අනතුරුව මෙම විදේශීය නිවාඩු සංවිධානය වූ අතර මොවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම, වඩාත් ත්‍යාගශීලී සහ දීර්ඝතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයෝ වෙති.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව