සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ජයග්‍රාහකයින් 1000 කට ආසන්න පිරිසක් පර්ල් බේ හි විනෝදාත්මක දිනයක් ගත කරයි

පර්ල් බේ

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තේමා උද්‍යානයන්ගෙන් එකක් වන පර්ල් බේ හි දී වැඩිහිටියන් සහ ළමුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් විනෝද වීමට එක්රැස් විය.

ශ්‍රී ලංකාවේ නන්දෙසින් පැමිණි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් ‘ෆැමිලි සවාරි’ මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් වූ අතර එදිනට තේමා උද්‍යානය ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ බැවින්, පර්ල් බේ හි ජල උද්‍යාන ප්‍රදේශයේ තිබූ ආකර්ෂණීය ක්‍රියාකාරකම් වල නියැලෙමින් අමතක නොවන දිනයක් ගත කළහ.
 



 

මෙම කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන් ම ෆැමිලි සවාරි සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය නළු රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද ඇතුළත් විය.

උත්සවය අමතමින් සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර 18 පුරාම ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ පවුල් දහස් ගණනක් මෙවැනිම විනෝද චාරිකා සහ විදේශ නිවාඩු සඳහා රැගෙන යාමට හැකි වූ බවයි. “ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ ත්‍යාගශීලීම ප්‍රවර්ධනය මෙයයි,” යනුවෙන් එම මහතා අවධාරණය කළ අතර, ෆැමිලි සවාරි වැඩසටහන යනු රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රතිලාභ ලබා දීමෙන් ඔබ්බට ගිය, විවිධ පසුබිම්වල ජීවත්වන පුද්ගලයින් අතර කල්පවත්නා සබඳතා ගොඩනඟා ගැනීමට සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමට මූලික වූ වැඩසටහනක් බවයි.

පර්ල් බේ හි දිනක් පුරා සංචාරය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනාට අමතරව, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහකට සියලු‍ වියදම් සහිතව චීනයට සංචාරයක් සහ තවත් පවුල් 10 කට මැලේසියාවේ සංචාරයක් හිමි විය. මැයි සහ ජුනි මාසවලදී පිළිවෙලින් මෙම සංචාරයන් පැවැත්වෙයි. ෆැමිලි සවාරි 18 වන වටයේ ජයග්‍රාහකයින් ලෙස සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 265 දෙනෙකු එනම් පුද්ගලයින් වශයෙන් 1060 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් තෝරාගෙන ඇත.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව