සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි රත්තරන් ත්‍යාග මොණරාගල, කැකිරාව සහ හොරණ රක්ෂණ ඔප්පුහිමියන් ජයග‍්‍රහණය කරයි

FS 14 - 2nd gold presentation (1)

 




 

 

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග‍්‍රාහයෙකු බවට පත්විය. මොණරාගල ජයග‍්‍රාහී පවුල (ඉහළ) සහ රුපියල් 250,000 ක් බැගින් රත්තරන් දිනාගත් කැකිරාවේ සහ හොරණ පවුල්වල සාමාජිකයින් මෙන්ම සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජිතයින් සේයාරු වලින් දැක්වේ. මේ වසරේදී තවත් දිනුම් ඇදීම් හතරක් පැවැත්වීමට නියමිත අතර ෆැමිලි සවාරි 14 වන වැඩසටහන මගින් සමස්තයක් ලෙස ජයග‍්‍රාහී රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු වෙත රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් පිරිනැමීමට සැලසුම් කර ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව