සෙලින්කෝ ලයිෆ් මිනුවන්ගොඩ නව ශාඛාවට මුල්ගල තබමින් තම හරිත මෙහෙවර ඉදිරියට ගෙන යයි

2

 



 

 

හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප‍්‍රීකාස්ට්’ කොන්ක‍්‍ර‍්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප‍්‍රථම ශාඛාව වෙයි.

සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් සතු 47 වැනි ගොඩනැගිල්ල මෙන්ම එය සමාගම සතු ඉඩමක ක‍්‍රියාත්මක වන 32 වැනි ශාඛාවද වනු ඇතිය.

මිනුවන්ගොඩ, වේයන්ගොඩ පාරේ අංක 101 දරණ ස්ථානයේ ඉදිකෙරෙන මෙම නව දෙමහල් ගොඩනැගිල්ල වර්ග අඩි 3,270ක කාර්යාල ඉඩකින් සහ වාහන නැවැත්වීමේ ස්ථාන හතකින්ද සමන්විත වෙයි.

සෙලින්කෝ ලයිෆ් හි හරිත නිර්දේශයන්ට අනුව, මෙම නව ශාඛාව සම්පූර්ණයෙන්ම බල ගැන්වෙන්නේ, කිලෝවොට් 20ක සූර්ය බලශක්ති පද්ධතියකින් වන අතර, එමගින් ජාතික විදුලිබල පද්ධතියේ විදුලිය පරිභෝජනය ශුණ්‍ය වෙයි. එසේම නල ජලය භාවිතය අවම කරමින් තමන්ගේම වැසි ජලය රැස් කිරීමේ පහසුකම සහ අපජල ප‍්‍රතිචක‍්‍රීයකරණ පද්ධතියකින්ද සමන්විත වෙයි.

නව ගොඩනැගිල්ල ස්වාභාවික ආලෝකය ප‍්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා නිර්මාණය කෙරී ඇති අතර, බලශක්ති කාර්යක්‍ෂමතාව ඇති කෘත‍්‍රීම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධතියකින්ද සමන්විත වෙයි.

මෙම නවතම ඉදිකිරීම් ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් ‘සෙලින්කෝ ලයිෆ්’ විධායක අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටියේ, ‘වත්මන් ආර්ථික අර්බුදයේ පසුබිම මත සමාගම සතු දේපොළ හරහා මෙහෙයුම් පුළුල් කිරීමට අප දරණ අඛණ්ඩ උත්සාහය අපගේ ධනාත්මක අනාගතයක සාක්‍ෂි වන අතර, එමගින් තිරසාරභාවයේ අත්‍යාවශ්‍යතාද ඉටු කෙරෙනු ඇති,’ බවයි.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 272 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව