සෙලින්කෝ ලයිෆ් නව වැනි වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

ceylinco-life

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත.

මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින සමයක මෙවැනි ඉහළ කාර්යසාධනයක් පෙන්වීම කැපී පෙනෙන කරුණකි.

ඔප්පුහිමියන්ට වඩා හොඳ සේවාවක් ලබාදීම සඳහා සමස්ත ක‍්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස සෙලින්කෝ ලයිෆ්, ‘වර්ල්ඞ් ෆයිනෑන්ස් ග්ලෝබල් ඉන්ෂුවරන්ස්’ සම්මානය පිරිනැමීම මගින් පිළිගැනීමට ලක්ව ඇත.

මෙහිදී, සමාගමේ ප‍්‍රතිරක්ෂණ ක‍්‍රියාවලි සහ ක‍්‍රියාවලී කාර්යක්ෂමතාවය, රක්ෂණ ඔප්පු නඩත්තු කිරීම යටතේ වන රක්ෂණ ඔප්පු හිමියන්ගේ ඔප්පු විමර්ශනය කිරීමේ ක‍්‍රියාවලිය, ආවරණයේ සුදුසු බව සහ රක්ෂණ ඔප්පුවක පිරිවැය, අවධානයට නිරාවරණය වීම, පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය, හිමිකම් පියවීමට ගතවන කාලය, අළුතෙන් ගනුදෙනුකරුවන් බඳවාගැනීමේ අනුපාතය සහ  මූල්‍ය ස්ථායීතාවය, රක්ෂණ වාරික ආදායම, වෙළෙඳපොළ කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය යන මෙහෙයුම් කාර්යසාධනය සඳහා බලපාන බහුවිධ අංශ දැඩි තක්සේරුවකට ලක්කිරීමෙන් පසුව සෙලින්කෝ ලයිෆ් සමාගමට වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් මෙම සම්මානය ලබාදී තිබේ.

මෙම ගෞරවණීය ජාත්‍යන්තර සම්මානය අඛණ්ඩව දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2022 වසරේදී පැවැත්වූ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සේවා සන්නාමය’ ලෙසින්ද සම්මානයට පාත‍්‍ර වූ අතර LMD සඟරාව විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේදී පිට පිටම දෙවන වතාවටත් ජීවිත රක්ෂණ අංශයේ පාරිභෝගික සත්කාරය වෙනුවෙන් වඩාත්ම ජනප‍්‍රිය ආයතනය බවටද සමාගම පත්විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව