සිංගර් ෆැෂන් ඇකඩමියේ විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි

Singer-Fashion-Academy---Certificate-in-Fashion-Designing

නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය

වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය සඳහා ලොව ප්‍රමුඛයින් මෙන්ම, ජාත්‍යන්තර පිළි ගැනීමට පත් බ්‍රිතාන්‍යයේ Chartered Society of Designers (CSD) වෙතින් විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සඳහා සහතික පත්‍රයක් හිමිවන ශ්‍රී ලංකාවේ මුල්ම සහ එකම වෘත්තීය අධ්‍යාපනික ආයතනය සිංගර් ෆැෂන් ඇකඩමියයි.

සිසු සිසුවියන් සඳහා වඩාත් පහසු හා ආරක්ෂිත ලෙසින් පාඨමාලාවන්ට සහභාගි වීම සහතික කරමින්, විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර වැඩසටහනේ සැප්තැම්බර් මස නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.
සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පැවැත්වෙන පාඨමාලාවන් අතර, විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව ක්ෂේත්‍රයේ ඉහළ පිළි ගැනීමක් සහිත, දේශීය හා විදේශීය වශයෙන් අවස්ථාවන් රැසක් සිසුන් හට විවර කර දෙන පාඨමාලාවකි. දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාරවලට අනුබද්ධිතව පිහිටුවන ලද ෆැෂන් ඇකඩමි 65 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින්, සිය කුසලතාවන් ඔප් නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය මග පාදා තිබේ. එහිදී වඩාත් ආරක්ෂාකාරී පරිසරයක ප්‍රායෝගික හැදෑරීම්වලට සම්බන්ධ වෙමින්, ඇඳුම් මැසීම හා ඇඳුම් නිර්මාණය පිළිබඳ සියලුම දේ ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.



Sponsored Content:

“Certificate in Fashion Designing” – ප්‍රවීණ දේශීය සහ විදේශීය ආචාර්යය මණ්ඩලය – බ්‍රිතාන්‍යයේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ අනුමැතිය ලද විලාසිතා නිර්මාණකරනය සහතිකපත්ර පාඨමාලාව – බදවාගැනීම් ඇරඹුණා
ලියාපදිංචිය සදහා අදම අමතන්න 0766177177
Zoom හරහා පවත්වන හඳුන්වාදීමේ වැඩමුළු සඳහා
නොමිලේ ලියාපදිංචි වන්න

විලාසිතා නිර්මාණකරණය මේ වන විට විවිධ අංශවලින් නවීකරණය වී ලොව විවිධ රටවල්වල මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී ඇති වෘත්තීය ක්ෂේත්‍රයක් වී තිබේ. ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රයෙන් සුදුසුකම්ලත් පිරිස සඳහා පවතින්නේ දැඩි ඉල්ලුමකි. විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ දිනෙන් දින අගය ඉහළ යන, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සුදුසුකම් ලත් පිරිස සඳහා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් මෙම විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සැලසුම් කර තිබීම විශේෂත්වයකි. විලාසිතා නිර්මාණකරණය ආශ්‍රිත අනෙකුත් පාඨමාලාවන් හා සැසඳීමේදී ඉතා පහසු හා දැරිය හැකි මිලකට මෙම පාඨමාලාව පැවැත්වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් කටයුතු සලසා තිබීම ප්‍රශංසනීයය.

සැප්තැම්බර් මස නවක බඳවා ගැනීම් සමඟ, ඉදිරියේදී ෆැෂන් ඇකඩමියේ ඉගැන්වීම් සුපුරුදු පන්ති කාමර ක්‍රමයට මෙන්ම අන්තර්ජාලය ඔස්සේද පැවැත්වීමටද අපේක්ෂා කරයි. එහිදී, ප්‍රායෝගික සැසි සඳහා සිසුන්ගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර, Microsoft Teams ඔස්සේ අන්තර්ජාල ඉගැන්වීම් සිදු කෙරෙන අතර, පැවැත්වෙන සියලුම දේශනවල පටිගත කිරීම් Microsoft Teams වෙතින් සිසුන්ගේ පරිශීලනය සඳහා නැවත බලා දීමට ද සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු සලසයි.
මාස හයක කාලයක් පුරා පැවැත්වෙන විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සඳහා අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය හා ඉංග්‍රීසි යන විෂයන් දෙකටම සම්මාන සාමාර්ථ දෙකක් ලබා ගෙන ඇති ඕනෑම අයකුට ඇතුළත් විය හැකිය. පාඨමාලාව සාර්ථකව නිම කරන සිසු සිසුවියන්ට ඩිප්ලෝමා පාඨමාලාවට සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවට පිළිවෙළින් ඇතුළත් වීමට හැකියාව පවතී. විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසු සිසුවියන්ට සිංගර් ෆැෂන් ඇකඩමියෙන් පිරිනමන සහතිකයට අමතරව බ්‍රිතාන්‍යයේ Chartered Society of Designers (CSD), මගින් පිදෙන ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ද පිරිනැමේ.
විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවීසීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් හට මෙම වැඩසටහන පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් සිංගර් ෆැෂන් ඇකඩමිය හඳුන්වාදීමේ සැසි මාලාවක්ද පැවැත්වීමට නියමිතය. එම සැසි ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන අතර, එමගින් විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එහි වෘත්තීයමය වැදගත්කම පිළිබඳව අයදුම්කරුවන් තුළ පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු කරයි. නොමිලේ පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ සැසි සඳහා සිංගර් ෆැෂන් ඇකඩමියේ ෆේස්බුක් පිටුව වෙත යොමු වීමෙන් හෝ 0766177177 යන දුරකථන අංකය ඇමතීමෙන් සිසුන්ට ලියාපදිංචි විය හැකිය. ඊට අමතරව, විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර වැඩසටහන සඳහා ලියාපදිංචි වන සිසුන්ට, එම පාඨමාලාව හැදෑරීම සඳහා උපකාරී වන උපකරණ කට්ටලයක් ද නොමිලේ පිරිනැමේ.

ලොව පිළිගත් විධිමත් අධ්‍යාපනික ක්‍රමවේද මගින් පැවැත්වෙන සිංගර් ෆැෂන් ඇකඩමි පාඨමාලාවන්ට සහභාගි වී දිවයින පුරාම විසිරී සිටිනා සිසුන්ට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි බව සිංගර් ෆැෂන් ඇකඩමිය සහතික කරයි. වසරකට දෙවතාවක් පැවැත්වෙන විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව මගින් ශ්‍රී ලංකාවේ සමස්ත විලාසිතා නිර්මාණ කර්මාන්තයට හිමිවන දායකත්වය සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ විලාසිතා කර්මාන්තයට සිංගර් ෆැෂන් ඇකඩමියේ මෙම දායකත්වය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාර පාසලේ ප්‍රධානී කෝෂිත පෙරමුණුගමගේ මහතා මෙලෙස පවසයි.

“වසර ගණනාව තිස්සේම, විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයින් රැසක් බිහි කිරීමට අපට හැකි වුණා. පවතින අභියෝග මධ්‍යයේ වුවද, අපගේ පාඨමාලාවන්ට ඇතුළත් වීමට කැමත්තෙන් දිවයින පුරාම සිටන සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමට අපි කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම, අපගේ පාඨමාලා මගින් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් හා පිළිගැනීමක් ලබා දීමටත් අපි නිතරම කටයුතු කරනවා.”

සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් ඩිප්ලෝමා පාඨමාලා තුනක්, සහතික පත්‍ර පාඨමාලා අටක් සහ කෙටි කාලීන පාඨමාලා මාලා 11 ක් ඇතුළුව පාඨාමාලා 20 කට අධික සංඛ්‍යාවක් සිසුන් වෙත පිරිනැමේ. බ්‍රිතාන්‍යයේ Charted Society of Designers වෙතින් පිරි නැමෙන සහතිකයට අමතරව, ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හි අනුමැතියද සිංගර් ෆැෂන් ඇකඩමිය වෙත හිමි වී තිබේ.

ෆැෂන් ඩිසයිනින් පාඨමාලාව පිළිබඳව මෙන්ම ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා sbs@singersl.com යන ඊමේල් ලිපිනයෙන් හෝ සිංගර් ෆේස්බුක් පිටුව මගින් හැකියාව පවතී.

Sponsored Content

ඔබගේ හැකියවට ජාත්යන්තර වටිනාකමක් ලාබාදෙන්න අදම සිංගර් ෆැෂන් ඇකඩමිය හා එක්වන්න. විලාසිතා නිර්මාණකරණය පිලිබද සහතිකපත්ර පාඨමාලාව සදහා දැන්ම ලියාපදිංචිවන්න. අමතන්න 0766177177.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව