ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහ විදුලි උපකරණ සපයන්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, එහි ඵලදායීතාවය හා තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම පිණිස, ප්‍රධානතම ERP මාධ්‍යය ලෙස, සිය යෙදවුම් තෝරා ගෙන ඇති බවට, ජාත්‍යන්තර කර්මාන්ත යෙදවුම් සමාගමක් වන IFS සමාගම, සාඩම්බරයෙන් දැනුම් දෙයි.
රට තුළ වඩාත් ස්ථාපිත වුණු මහන මැෂින් සන්නාමයක් වන සිංගර්, අද වන විට ගෘහ හා කර්මාන්ත වෙනුවෙන් ලොව ඉහළම පෙළේ සන්නාමවල නිෂ්පාදන සිය නිෂ්පාදන සමගින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරමින්ද, මුල්‍ය විසඳුම් පිරිනමින්ද රට තුළ ව්‍යාප්ත වී තිබේ.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාර ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීමටත්, ප්‍රධාන ශාකාව සමගින් සජීවීව සම්බන්ධ වීමටත් ISF Applications 10 මෘදුකාංගය ඔස්සේ හැකි වනු ඇත. අන්තර්ජාල පදනම් කර ගත් IFS Aurena අත්දැකීම හරහා කාර්ය මණ්ඩලය කුමන ස්ථානයක සිටියත්, ඵලදායීතාවය හා ක්රියකාරීත්වය අතින් ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩකඩ සලසා දෙයි.
ශාකා කළමණාකරණය, සැලසුම් අවශ්‍යතා, භාණ්ඩ ලේඛන කළමණාකරණය, බෙදා හැරීම, ගමන් මාර්ග සැලසුම්, අලෙවියෙන් පසු සේවා කළමණාකරණය, මූල්‍ය හා මානව ප්‍රාග්ධන කළමණාකරණය හා වැටුප් ලැයිස්තු ආදිය ඇතුළත් සෑම ප්‍රධාන ව්‍යාපාර කාර්යයක් සඳහාම, ISF Applications 10 විසඳුම් සහය දක්වයි.
“අපගේ මෙහෙයුම් සඳහා 2006 වසරේ පටන්ම සහය දක්වන IFS සමාගමත් සමගින් මෙවැනි ඩිජිටල් පරිවර්තනයකට ගමන් කිරීම අප ඉතා සතුටට පත්වන කාරණයක්” සිංගර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කරයි.
“සිංගර් වැනි සමාගමකට අවශ්‍ය වෙන්නෙ, ඉතාමත් විශ්වාසදායී වගේම සජීවි දත්ත පරිශීලනය කළ හැකි බවට සහතික කෙරෙන භාවිත කරන්නන්ට පහසු ආකාරයේ තාක්ෂණික මාධ්‍යයක්. ලාභදායී වර්ධනයක් සමග අපගේ සමාගමේ ඉදිරි අනාගත දියුණුව සඳහා සහය විය හැකි ව්‍යාපාර තාක්ෂණික මාධ්‍යයක් ගොඩනැංවීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“අපගේ නිෂ්පාදන සම්බන්ධයෙන් සිංගර් ආයතනය තබා ඇති අඛණ්ඩ විශ්වාසය අපට ආඩම්බරයට කරුණක්. සමාගමක තීරණ ගැනීමේ හැකියාව වේගවත් කිරීම, නිවැරදි දත්ත සමගින් තීරකයින් දැනුවත් කිරීම හා මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කරන සංකීර්ණ ව්‍යාපාර බල ගැන්වීම පිණිස අපගේ විසඳුම් නිර්මාණය වී තිබෙනවා. ඕනෑම අවස්ථාවක, ඕනෑම උපාංගයක් ආධාරයෙන් ඉතාමත් කඩිනමින් හා පහසුවෙන් දත්ත එක් රැස් කර ගත හැකි වනු ඇත. වේගවත්, කාර්යක්ෂම ක්‍රියාකාරී ව්‍යාපෘතියක් සැපයීම සඳහා සිංගර් සමග කටයුතු කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා” IFS සමාගමේ දකුණු ආසියා කලාපයේ කළමණාකාර අධ්යක්ෂ හා අලෙවි උප සභාපති ශිරාස් ලායි පවසයි.