ස්මාර්ට් ජංගම දුරකතන නව්‍යකරණයේ අනාගතය විදහා දක්වන සැම්සුන් Foldables

Samsung Foldable




 

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි අනාගතය පිළිබඳ සුවිසල් දැක්මක් සහිත ආයතනයක් බව බොහෝ දෙනා හඳුනාගනු ලැබුවේ 2011 වසරේදී ප‍්‍රථම වරට flexible display හි ප‍්‍රථම නිෂ්පාදන ආකෘතිය එළි දැක්වීමත් සමඟිනි. ඊට දශකයකට පසුව 2020ටත් වඩා 2021 වසරේදී සිව් ගුණයක් foldable devices හඳුන්වා දී ඇති සැම්සුන් අපේක්ෂා කළ වෙළෙඳපොල වර්ධනයට වඩා තුන් ගුණයක වර්ධනයක් අත් කර ගැනීමට සමත් විය.

Galaxy Z කාණ්ඩයෙහි සාර්ථකත්වයත් සමඟ සැම්සුන් Foldables සඳහා වූ පාරිභෝගික උනන්දුව වඩාත් ඉහළ ගිය අතර එය දියත් කර පළමු මාසය ඇතුළත Galaxy Z Fold3 සහ Z Flip3 2020 වසරේදී සැම්සුන් foldable devices වල සමස්ත එකතුවක විකුණුම් ඉක්මවීමට සමත්ව ඇත.

2023 වන විට අලෙවිය දස ගුණයකින් වර්ධනය වනු ඇතැයි අනුමාන කර ඇති foldable smartphone සැබැවින්ම සුවිසල් නිෂ්පාදනයක් බවට පත් කිරීමට හේතු වූ සුවිශේෂී අවස්ථා, උසස් නව්‍යකරණ භාවිතයන් හා හවුල්කාරීත්වයන් පිළිබඳව මේ ආකාරයෙන් අවධානය යොමු කළ හැකිය.

ලොව පුරා විහිදුණු පාරිභෝගිකයින් වෙත Foldables හඳුන්වා දීම

සැම්සුන් විසින් foldable display ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙනු ලැබුවේ 2011 වසරේ වුවද ලොව පුරා පාරිභෝගිකයින් වෙත foldable devices ලබා දීමට දශකයකට වැඩි කාලයක් ගත විය.

ඔවුන්ගේ මීළග ප‍්‍රධාන සන්ධිස්ථානය බවට පත් වූයේ 2019 වසරේදී සැම්සුන් විසින් එහි ප‍්‍රථම foldable smartphone එක වන Galaxy Fold සමඟින් එහි foldable නිමාව යථාර්තයක් බවට පත් කිරීමයි. ඉන් කෙටි කලකට පසු Galaxy Z Flip වෙළෙඳපොලට හඳුන්වා දුන් අතර මීට පෙර භාවිත කළ flip ස්මාර්ට් දුරකතනයන් වෙත ආපසු හැරී බැලීමක් බවට පත්වූ එය smartphones අතර සළකුණක් බවට පත්වූයේ සුමුදු හුරුබුහුටි නිමාවද සමඟිනි.

දශකයක් තිස්සේ සාර්ථක ගමනකින් හා තෙවන පරම්පරාවේ නවෝත්පාදනයන්ගෙන් අනතුරුව වැඩි දියුණු කළ නිමාවත් සමඟ දිගු කාලීන foldables පරිශීලක අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන Galaxy Z Fold3 සහ Z Flip3 සමත් විය. Smartphones කර්මාන්තයේ නව ප‍්‍රමිතියක් නිර්මාණය කිරීමට මෙන්ම smartphones සඳහා වන පාරිභෝගික උනන්දුව ඉහළ නැංවීමටද ඔවුන්ට හැකි විය.

ආරම්භයේ සිටම ලොව පුරා පාරිභෝගික අපේක්ෂාවන් සපුරාලීම සහතික කිරීම වෙනුවෙන් නව්‍ය තාක්ෂණයන් රැසක් සොයා ගැනීම නව කාණ්ඩයන් නිර්මාණය කිරීමේ ප‍්‍රමුඛතම සාධකය බව සැම්සුන් ඉංජිනේරුවරුන් අවබෝධ කරගත්තේය.

ජලයට ඔරොත්තු දීමේ IPX8 තාක්ෂණය සහිත සැම්සුන්හි නව නිර්මාණය වූ foldable Galaxy Z Fold3 සහ Z Flip3 Z ප‍්‍රථම වරට හඳුන්වාදීමත් සමඟ 2021 වසරේදී එහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සැම්සුන් සමත් විය.

Foldable devices සඳහා වන පාරිභෝගික ඉල්ලූම ඉදිරියට ගෙන යාම

සැම්සුන්හි නව්‍යකරණයේ මෙම පෙර නොවූ විරූ ඉදිරි ගමන Galaxy මාදිලිය වෙත පෙරටත් වඩා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම Foldable devices සඳහා වන ඉල්ලූම ඉහළ නැංවීමට හේතු වී ඇත. Galaxy Note20 හා සැසඳීමේදී Galaxy Z Flip3 සඳහා තමන් භාවිත කරනු ලබන smartphone වෙළෙඳ නාමයන් වෙනස් කළ පාරිභෝගික ප‍්‍රතිශතය 150%කින් ඉහළ ගොස් ඇති අතර Galaxy S21 හා සැසඳීමේදී එය 140%ක ඉහළ යාමක් ලෙස දැකිය හැකිය.

Galaxy Z නිෂ්පාදන පෙළෙහි මෙම devices දෙකෙහිම ඉල්ලූම සුවිසල් ලෙස ඉහළ යාමට හේතු වූ කරුණක් වන්නේ මීට පෙර වෙනත් කිසිඳු ස්මාර්ට් ජංගම දුරකතනයක නොතිබූ ආකාරයේ විශේෂිත පාරිභෝගික කණ්ඩායම් වෙත ඇරයුම් කරනු ලබන වෙනස් ආකාරයේ විශේෂාංගයන්ගෙන් යුක්ත වීමයි.

සැම්සුන් විසින් සිදු කරන ලද පාරිභෝගික සමීක්ෂණයකදී හෙලි වූ කරුණක් වූයේ Galaxy Z Flip3 මිලදී ගැනීම පිටුපස ඇති ප‍්‍රධානම සාධක බවට පත්ව ඇත්තේ එහි ආකර්ෂණීය නිමාව, foldable smartphone එකක් වීම හා පහසුවෙන් අතේ ගෙන යා හැකි වීමයි. විශේෂයෙන් ස්මාර්ට් දුරකතනය විවෘත නොකර භාවිත කිරීමේ හැකියාව පුද්ගලිකත්වය අගය කරන පාරිභෝගිකයන්ට මෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කළමනාකරණය  කිරීම සඳහා ජංගම දුරකතනයේ රැඳී සිටින කාලය නියාමනය කිරීමට කැමති පාරිභෝගිකයනි හට වඩා වැදගත් සාධකයක් වූ බවද එහිදී පැහැදිලි වී ඇත. මෙහිදී වාර්තා වූ තවත් කරුණක් වූයේ Galaxy Z Fold3 ගැනුම්කරුවන් S Pen ඇතුළු අන්තර්ගතයන්, බහු කාර්ය හැකියාවන් හා ඵලදායී විශේෂාංගයන් නැරඹීම වෙනුවෙන් එහි සුවිසල් තිරයට කැමැත්තක් දක්වන බවයි.

Foldable අනාගතයේ පුරෝගාමීත්වය

Foldables වල සුවිශේෂී හැකියාව පිළිබ`දව පාරිභෝගිකයන් වැඩි පිරිසක් උනන්දු වන විට එම නිෂ්පාදන කාණ්ඩය වෙනුවෙන් වන උනන්දුවද අඛණ්ඩව ඉහළ යනු නිසැකය. ඒ නිසාම ඉදිරි කාලයේදී පාරිභෝගික ආකර්ෂණය තව තවත් දිනා ගැනීම වෙනුවෙන් නව්‍යකරණ සැලසුමක් සහිත සැම්සුන් සමාගම වඩා පුරෝගාමී තාක්ෂණය සමඟින් Foldable කාණ්ඩය වෙනුවෙන් තවදුරටත් නායකත්වය සපයනු ඇත.

මෙම ඉලක්කයන් සපුරා ගැනීමේදී පර්යේෂණ හා සංවර්ධනයන් වෙත විශාල වශයෙන් ආයෝජනය කිරීමට කටයුතු කර ඇති සැම්සුන් app ප‍්‍රවර්ධනයන් හා Google වැනි ක්ෂේත‍්‍රයේ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබයි.

වසර ගණනාවක් තිස්සේ Android සංවර්ධකයින් සඳහා ගැළපෙන සැලසුම හා සම්පත් ලබා දීම තුළින් foldable අත්දැකීම් පරිමාණය කළ හැකි අත්දැකීමක් බවට පත් කිරීම වෙනුවෙන් සැම්සුන් සහ Google එක්ව කටයුතු කරනු ලබයි. වඩාත් ජනප‍්‍රිය Gmail, YouTube, Duo සහ Maps වැනි apps ප‍්‍රශස්ත කිරීම සදහා Google හි කාර්යභාරය ගොඩනගමින් 2021 වසරේ සුවිසල් තිර හා foldable devices නිර්මාණය කිරීම සඳහා වන මාර්ගෝපදේශයන් සමාගම් විසින් ප‍්‍රකාශයට පත් කරන ලදීx ජංගම දුරකතන කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් වන තාක්ෂණික දියුණුව වෙනුවෙන් සැම්සුන් ඉදිරියේදීත් හවුල්කරුවන් හා සංවර්ධකයින් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අරමුණු කොට ගෙන ඇත.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව