සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් HNB 2024 නව වසර ආරම්භ කරයි

HNB multi religious (LBN)

සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.

 



 

HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් පල්ලෙවත්ත යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික වතාවත්වලින් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර මේ සඳහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2024 නව වසර වෙනුවෙන් පැමිණ සිටින සියලූ දෙනාට සිය සුභාශිංසන පිරිනැමුවේය.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව