සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

Copy of Merit Award (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා සන්නාම සතු වෙබ් අඩවි අතරින් විශිෂ්ටතම හා නිර්මාණශීලී වෙබ් අඩවි රැසක් ඇගයීමට ලක්විය. එහිදී මෙරට ප්‍රධානතම බැංකු හා මූල්‍ය සමාගම් සතු වෙබ් අඩවි සමග තරඟ වදිමින් මෙම කුසලතා සම්මානය හිමි කර ගැනීමට SDFහි වෙබ් අඩවියට හැකියාව ලැබිණි.

“ව්‍යාපාර ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ නව ප්‍රවණතා පිළිබඳව අප ආයතනය සිටින්නේ දැඩි අවධානයකින්. මේ අතරින් එක් ප්‍රධානතම ප්‍රවණතාවක් වන්නේ ඩිජිටල් මූල්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවයි. වර්තමානයේ වෙබ් අඩවියක් යනු සයිබර් අවකාශයේ පවත්වාගෙන යන ප්‍රධාන ශාඛාවකට සමාන දෙයක්. මේ වනවිට ඩිජිටල් නාලිකා හරහා සමාගමේ සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන් වැඩි නැඹුරුවක් දක්වන බව සමාගමේ පර්යේෂණ හරහා හඳුනා‌ගෙන තිබෙනවා. එම නිසා සමාගමේ වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි, ආකර්ෂණීය වෙබ් අඩවියක් බවට පත්කිරීමට අප විසින් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට BestWeb.lk සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක් වූ අතර ඒ වෙනුවෙන් අප මෙම සම්මාන උළෙලේ සංවිධායකවරුන්ටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. අපගේ ගනුදෙනුකරුවන් ලබාදුන් යහපත් ප්‍රතිචාර මත අපට මේ සම්මානය හිමි වුණා” යැයි ද SDF සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රකාශකයෙකු අප හා පැවසී ය.

දක්ෂ නිර්මාණශීලී කණ්ඩායමක් විසින්, UI/UX වෘත්තිකයන්ගේ සහයෝගය සහිතව SDF වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි. ආකර්ෂණීය සැලසුම, පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණත, පහසු භාෂා පරිවර්තන හැකියාව, අකුරු ප්‍රමාණයන් වෙනස් කළ හැකි වීම යනාදිය සමග ණය වාරික ගණකයක් සහ ක්ෂණික ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇතුළු තවත් විශේෂාංග රාශියක්ද එක්කර මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. සමාගමේ  සේවාවන්, ආයෝජක තොරතුරු සහ අනෙකුත්  සේවාවන් පිළිබඳව වැදගත් තොරතුරු පහසුවෙන් සොයාගත හැකිවන ආකාරයට මෙය සැලසුම් කිරීමට මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

SDF යනු රටේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම් වෙත පෞද්ගලික අංශයේ ආයෝජන යොමු කළ පළමු විධිමත් මූල්‍ය ආයතනයයි. එමෙන්ම එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ පළමු සමාජ ආයෝජන (Impact Investment) මූල්‍ය සමාගමද වේ. පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවාවන් සපයමින් රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රගතව කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, මූල්‍ය සහ ඒ ආශ්‍රිත අනෙකුත් විෂය කරුණු මුල්කරගත් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සංවිධානය කරමින් SDF සමාගම තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් තම මෙහෙවර ඉටුකරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව