සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 CFA Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

Image

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඇති කැපවීම සහ සුවිශේෂී ආයෝජන සබඳතා පවත්වාගෙන යාමට ඇති කැපවීම ඇගයීමට ලක් කෙරිණි. ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙලේ (Capital Market Awards) වසර 12ක ඉතිහාසය තුළ සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් රන් සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වීම විශේෂයෙන් කැපී පෙනේ.

 



 

ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market සම්මාන උළෙල එම සංගමයේ ප්‍රධාන අංගයක් වේ. ‘රාජ්‍ය – පෞද්ගලික සබඳතාවේ ශක්තිය’ තේමාව කරගත් මෙවර සම්මාන උළෙල තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවයන්වල වත්මන් තත්ත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳව අවධානය යොමු කර ඇත. මෙම සම්මාන උළෙලේදී හොඳම කොටස් තැරැව්කාර පර්යේෂණ කණ්ඩායම, හොඳම කොටස් පර්යේෂණ වාර්තාව, හොඳම ක්ෂේත්‍ර පර්යේෂණ වාර්තාව, හොඳම ආයෝජන සබඳතා, හොඳම ඒකක භාරය සහ හොඳම පාරිසරික, සමාජීය, පාලන (ESG) වාර්තාකරණය යන එක් එක් කාණ්ඩ යටතේ රන්, රිදී සහ ලෝකඩ සම්මාන ප්‍රදානය කෙරිණි.

CFA Capital Market Awards හිදී හොඳම ආයෝජන සබඳතා සම්මානය සඳහා ආයෝජකයින් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීම, ආයෝජකයින් සමඟ විවෘත හා  අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය දිරිමත් කිරීමට අමතරව සමාගම් තම ආයෝජකයින් සමඟ අන්තර් ක්‍රියා කරන හා කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් උසස් ප්‍රමිතීන් සහ ඵලදායී ක්‍රමවේද ප්‍රවර්ධනය යන නිර්ණායකයන් මත සමාගම් ඇගයීමට ලක් කරනු ලබයි. තවද සමාගම් ඔවුන්ගේ ආයෝජන සම්බන්ධතා ක්‍රමවේද සහ ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය මත පදනම්ව විශාල ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් සහ කුඩා පරිමාණයේ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් වශයෙන් කාණ්ඩ දෙකකට වර්ග කර ඇත. එහිදී කොටස් තැරැව්කාර සමාගම්, අරමුදල් (fund) කළමනාකරුවන් සහ ආයතනික ආයෝජකයින්ගෙන් සමන්විත විශ්ලේෂකයින් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන පුළුල් සමීක්ෂණයක් හරහා මෙම සමාගම් වර්ග කිරීම සිදු කර ඇත. මීට අමතරව සමාගම් ඇගයීමට ලක් කරනු ලැබුවේ ඔවුන්ගේ කළමනාකාරිත්වය වෙතට කෙතරම් ප්‍රවේශ විය හැකිද යන්න සහ ප්‍රතිචාර දැක්විය හැකිද යන්නත්, ඔවුන්ගේ තොරතුරු හෙළිදරව් කිරීමේ ගුණාත්මකභාවය, විනිවිදභාවය හා සාධාරණත්වයත් මෙන්ම විවිධ ආර්ථික තත්වයන් තුළ ඔවුන් ආයෝජන සබඳතා කෙතරම් ස්ථාවර ලෙස කළමනාකරණය කළේද යන්නත් මත පදනම්වය.

මෙම රන් සම්මානය දිනා ගැනීම කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ විශිෂ්ටත්වය දැක්වීමට සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි දැඩි කැපවීම නැවත අවධාරණය කරන කදිම සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් Chief Growth Officer හිරාන් සමරසිංහ මහතා සම්මානය පිළිබඳව අදහස් දක්වමින්, “CFA Capital Market සම්මාන උළෙලේදී මෙම කීර්තිමත් රන් සම්මානය දිනා ගැනීමට හැකිවීම මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම ඇගයීම තුළින් අපගේ ආයෝජකයින් සමඟ විනිවිදභාවයෙන් යුතු, ප්‍රතිචාරාත්මක සහ පූර්වගාමී තොරතුරු සන්නිවේදනය සඳහා අපගේ දැඩි කැපවීම පෙන්නුම් කරනවා. ශක්තිමත් ආයෝජන සබඳතා අපගේ සාර්ථකත්වයට මූලික සාධකයක් වන බව සන්ෂයින් අප විශ්වාස කරන අතර මෙම සම්මානය තුළින් අපගේ සමස්ත කණ්ඩායමේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මැනවින් පෙන්නුම් කරනවා. ඉදිරියේදී අපගේ ක්‍රියාවන්වලදී හා සන්නිවේදනයේදී විනිවිදභාවයක් පවත්වා ගැනීමටත් ආයෝජන සමාගම් අතර විශ්වාසය වර්ධනය කරමින් ඉහළම ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අප කටයුතු කරනවා.” යනුවෙනි.

 

CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොලේ කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීමට ලක් කරනු ලබයි. තවද මෙම සම්මාන උළෙල විශිෂ්ටත්වය සඳහා ප්‍රමිතියක් සකස් කරන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ අනාගතයට බලපෑම් කරන නායකයින් හඳුනා ගැනීමට ද උපකාරී වන කදිම වේදිකාවක් සපයයි.

හිරාන් සමරසිංහ මහතා සන්ෂයින් ආයෝජන සබඳතා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන අතර මුල්‍ය සැලසුම් සහ විශ්ලේෂණ ජ්‍යෙෂ්ඨ කළමනාකාර – කිරණ ජයවර්ධන සහ ආයතනික මුල්‍ය සහ උපායමාර්ග කළමනාකාර හසන්ත මිරියගල්ල යන මහත්වරු සෙසු සාමාජිකයින් වේ.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ FY24 සඳහා රු. බිලියන 55ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද  “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

අපගේ දැක්ම වන “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යටතේ අපි සියලු ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වාගනෙ යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව