
මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන – කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පුළුල් පරාසයක විහිදුණු රස කැවිලි සහ කෙටි ආහාර රැසක් නිපදවයි. දශක ගණනාවක පළපුරුද්ද සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත එම සමාගම සෑම නිෂ්පාදනයක්ම ඉහළ ප්‍රමිතියෙන් සහ ප්‍රණීත රසයෙන් යුතු බව සහතික කරයි. Mixture, සුදු ළූණු බයිට්, සීනි යෙදූ තල, ග්‍රීන් පීස්, රට කජු බයිට්, මුරුක්කු, මඤ්ඤොක්කා චිප්ස්, පැණි රස මුරුක්කු, කඩල, බොක්ස් බයිට් ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. ග්‍රෑම් 100, කිලෝ ග්‍රෑම් 3 සහ කිලෝ ග්‍රෑම් 5 යන ප්‍රමාණවල ඇසුරුම්වලින් එන මෙම නිෂ්පාදනවලට සිල්ලර සහ තොග ගැනුම්කරුවන්ගෙන් විශාල ඉල්ලුමක් තිබේ. සන්රස නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන් මිල දී ගත හැකිය. සන්රස සමාගම රැකියා සිය ගණනක් උත්පාදනය කර ඇත. අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සහ නවීන නිෂ්පාදන ක්‍රමවේද යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම දේශීය හා විදේශීය වෙළෙඳපොළේ විශ්වාසනීය නමක් දිනා තිබේ. නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලිය පුරා දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද අනුගමනය කරන සන්රස සමාගම දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික සහ සම්මාන රැසක් දිනා ඇත. එම සමාගම නිෂ්පාදනවල ගුණාත්මකභාවය තහවුරු කිරීමට නව තාක්ෂණය සහ කුසලතා සපිරි වෘත්තිකයන් යන සාධක දෙකම ඒකාබද්ධ කළ ක්‍රමවේදයක් භාවිත කිරීම සුවිශේෂ කරුණකි.