සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සිය 22 වන සංවත්සරයට සමගාමීව නවීනතම තාක්ෂණයෙන් යුත් අගාවුඩ් කර්මාන්තශාලාවක් විවෘත කරයි.

WKD_0037

පසුගිය දශක දෙකකට වැ​ඩි කාලය​ක් තුළ මෙරට අංක 01 වාණි​ජ වන වගා කළමනාකරණ සමාගම ලෙස සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම පසුගියදා සිය 22 වන සංවත්සරය සැමරී ය. ඊට සමගාමීව සමාගම විසින් කඩුවෙල ප්‍රදේශයේ නවීනතම තාක්ෂණයෙන් යු​තු අගාවුඩ් කර්මාන්තශාලාවක් විවෘත කරන ලදි. මෙය වෙළඳපොළේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගන්නා අතරම ආයෝජකයන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීම සඳහා සමාගම විසින් ගන්නා ලද සුවිශේෂී ක්‍රමෝපායික පියවරවල් වලින් එකකි. මෙම නව කර්මාන්තශාලාව විවෘත කිරීම සමාගමේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

 




 

මෑතකදී ජාත්‍යන්තර වශයෙන් සි​ය ව්‍යාපාර කටයුතු ව්‍යාප්​ත කිරීමේදී සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් වාර්තා කරගැනීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සමත් විය. මින් එක් ජයග්‍රහණයක් නම්, අගාවුඩ් ගස් එන්නත් කිරීම (ආමුකූලණය) සඳහා භාවිතා කරන, තමන් සතු ​සුවිශේ​ෂී තාක්ෂණයක් වන “SP Tech”  තාක්ෂණය මැලේසියාවේ පෞද්ගලික වගාකරුවන්, රාජ්‍ය හා ප්‍රාදේශීය වගාකරුවන්​ට  ලබාදීම සඳහා එම පාර්ශවය​න් සම​ඟ ගිවිසුම්ගත ​විය. මෙම ගිවිසුම් මගින් 2028 වන වි​ට ලෝකයේ අගාවුඩ් තෙල් නිෂ්පාදන වෙළඳපොළට ඉතා යහපත් බලපෑමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී ලෝක වෙළඳපොළේ සමස්ත අගාවුඩ් තෙල් නිෂ්පාදනයෙන් 30% ක්ම සදාහරිත සමාගමේ තාක්ෂණය භාවිතා කරමින් නිෂ්පාදන කරන අගාවුඩ් තෙල් බවට පත්වනු ඇත. මේ ආකාරයට සිය නවීණතම තාක්ෂණ​ය විදේශ රටවලට අලෙවි කිරීම මගින් රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමටද සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට හැකියාව ලැබෙනු නිසැකයි.

සිය වසර 22 කට එහා ගි​ය ඉතිහාසය තුළ සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම ගස් මිලියනයකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තු​ළ රෝපණය කර ඇති අතර, ප්‍රතිලාභ වශයෙන් රු. බිලියන 1.5 කට වැ​ඩි මුදලක් ආයෝජකයන් වෙත ගෙවා තිබේ. ​මෙමගින් පෙනී යන්නේ, මෙරට වාණිජ වන වගා ක්ෂේත්‍රයේ විශ්වාසනීය හවුල්කරු​වා ලෙස ආයෝජකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සමත් වී ඇති බවයි. දශක ගණනක පළපුරුද්ද, නවෝත්පාදනය, ක්‍රමෝපායික දිශානතිය සහ ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා ආදිය ඔස්සේ, පරිසර හිතකාමී ආයෝජනයන් තුළින් ආයෝජකයන් අපේක්ෂා කරන ප්‍රතිලා​භ ඔවුන් වෙත ලබාදීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.

“අපගේ 22 වන සංවත්සරයට සමගාමීව නව අගාවුඩ් කර්මාන්තශාලාව විවෘත කිරීම, සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ ඉදිරි ගමනේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් අපට නිෂ්පාදන හැකියාවන් වැඩිදියුණු කරගන්නා අතරම, තිරසාර සහ ලාභදායී වන වගා කළමනාකරණය වෙනුවෙන් අප දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා. අපගේ ප්‍රධානතම ඉලක්කය වන්නේ අපගේ පාරිභෝගිකයන් සිදුකරන පරිසර හිතකාමී ආයෝජන සඳහා දිගින් දිගටම ඉහළ ප්‍රතිලාභ ලබාදීමයි. අපගේ නව කර්මාන්තශාලාව ​මේ ඉදි​රි ව්‍යාපාරික දැක්මේ සහ අනාගත සැලසු​ම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ සංකේතයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සියල්ල නිසා, ඉතිහාසය පුරාම ඉහළ ප්‍රතිලාභ පිරිනමා ඇති සමාගමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයෝජකයන්ගේ අංක 01 තේරීමක් බවට පත්වීමට අපට හැකි වී තිබෙන බ​ව.” සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා පැවසී ය.

පසුගිය කාලය පුරාවටම නවෝත්පාදනය හා තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සමත් විය. විශේෂයෙන්ම කඩුවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද නව කර්මාන්තශාලාව, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයුම් සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම එමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමට ජාත්‍යන්තර අගාවුඩ් නිෂ්පාදන වෙළඳපොළ තුළ තමන් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට හැකි වනු ඇත.

තමන්ට මුහුණ දීමට සිදුවන අභියෝග ජයගනිමින් වෙළඳපොළේ අවශ්‍යතා නොඅඩුව සපුරාලීමට සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගම සෑම විටම සමත් වී තිබේ. තමන් අනුගමනය කරන නවෝත්පාදන ප්‍රවේශය සහ ක්‍රමෝපායික දැක්ම නිසා වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට සමාගමට හැකි වී ඇත. කඩුවෙල ප්‍රදේශයේ නව කර්මාන්තශාලාව විවෘත කිරීම, සමාගම අඛණ්ඩව දියුණුව කරා ගමන් කරමින් සිටින බවට මනා සාක්ෂියකි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව