සංචරණ සීමා වලට ගරු කරමින් නිවසේ රැඳී සිටින ජනතාව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ජංගම බැංකු ඒකක කි‍්‍රයාත්මක කරයි

Redeployment of BOWs (1)

 




 

 

ශ‍්‍රී ලංකාවට බලපා තිබෙන කොවිඞ්-19 වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් පනවා තිබෙන සංචරණ සීමා කාලය තුළදී කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීම සඳහා Cash Recycler Machines (CRMs) යන්ත‍්‍ර අන්තර්ගත ‘බෑන්ක්-ඔන්-වීල්ස්’ වැඩසටහන යළිත් ආරම්භ කර තිබේ.

මේ අනුව, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය එදිනෙදා බැංකු ගනුදෙනු කිරීමට පහසුකම් සලසමින් මෙම ‘බෑන්ක්-ඔන්-වීල්ස්’ ඒකක මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලත් උතුරු-නැගෙනහිර නගර ද ඇතුළත්ව අනිකුත් ප‍්‍රදේශ වලත් සංචාරය කරන බව බැංකුව නිවේදනය කර ඇත. මෙමගින් මෙම ප‍්‍රදේශවල සිටින කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පත් කිරීමටත් මුදල් ආපසු ගැනීමටත් අවස්ථාව හිමිවේ. මීට අමතරව, ලංකාපේ, වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ ජාල කාඞ්පත් භාවිතා කරන අනිකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ටත් මෙම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ආපසු ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.

මෙම ජංගම බැංකු ඒකක එක් දිනක් තුළදී ස්ථාන රාශියක් වෙත ගමන් කරන බවත් රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට සේවා ලබාදීම අරමුණු කරගනිමින් තවත් ඒකක ඉදිරියේදී යොදවන බව බැංකුව සඳහන් කරයි. මෙම බැංකු ඒකක පැමිණෙන ස්ථාන දිනයකට කලින් බැංකුවේ වෙබ් අඩවියේ, Facebook සහ Instagram පිටුවල ප‍්‍රසිද්ධ කරන අතර ඒ තුළින් ගනුදෙනුකරුවන්ට මෙම බැංකු ඒකක පැමිණෙන ස්ථාන පිළිබඳව කල්තියා දැනගත හැකිවේ.

සේයාරු වලින් දැක්වෙන්නේ සංචරණ සීමා වලට ගරු කරමින් නිවසේ රැඳී සිටින කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට බැංකුවේ ජංගම බැංකු ඒකක දෙකක් විසින් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සේවා ලබාදෙන ආකාරයයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව