ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (AAFA) දැක් වූ ප‍්‍රතිචාරය JAAF අගයයි

JAAF Logo

 



 

 

විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම සමඟින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් දැඩි ලෙස පීඩා විඳින වාතාවරණයක කම්කරු සුබසාධනය සහතික කිරීම සඳහා මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය ගනු ලැබූ ප‍්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (Ethical Trading Initiative-ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (American Apparel and Footwear Association-AAFA) විසින් දැක් වූ ප‍්‍රතිචාරයට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය සිය ප‍්‍රසාදය පළ කළේය.

ETI විසින් ශ‍්‍රී ලංකාවේ සිටින ආර්ථික විද්‍යාඥයින්, කර්මාන්ත සංගම්, සේවක නියෝජිතයින් සහ සාමාජික සමාගම් සමඟ සම්බන්ධ වෙමින් සේවකයන්, සැපයුම්කරුවන් සහ කර්මාන්තය කෙරෙහි පවතින අර්ථික පීඩනය අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා එක්ව කටයුතු කරනු ඇත. එහි මූලික පියවරක් ලෙස වියළි සලාක, ඖෂධ, සිල්ලර බඩු සහ පිසූ ආහාර බෙදා හැරීමට කටයුතු සලසා ඇත. මීට අමතරව, නියමිත වේලාවට ගෙවීම් සිදු කිරීමට සහ නීතියට අනුකූල වෙමින් සැපයුම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට AAFA කැපවී සිටී.

කර්මාන්තය සේවකයින්ගේ ජීවනෝපායන් නගාසිටු වීම සහ සුබසාධනය සහතික කිරීම සඳහා ප‍්‍රමුඛතාව ලබා දෙයි. මෙවැනි අර්බුදකාරී කාලවලදී කර්මාන්තය විසින් දැනටමත් ගෙන ඇති සේවක සුබසාධන ක‍්‍රියාමාර්ග ඉදිරියේදී තවත් ව්‍යාප්ත කරනු ඇති අතර මෙම සාමූහික කි‍්‍රයාමාර්ගය JAAF නොමද පැසසුමට ලක් කළේය. වියළි සලාක බෙදා හැරීම සඳහා ඇතැම් කර්මාන්තශාලා සුබසාධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කර ඇති අතර තවත් කර්මාන්තශාලා සිය සේවකයන්ට නිවසට ගෙනයාමට පවා අමතර ආහාරපාන සපයනු ලබන අතර එමඟින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පෝෂණය කිරීමටද ඔවුන්ට උපකාර කිරීමට හැකිව තිබේ. තවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සේවකයින්ගේ ළමුන් සඳහා නොමිලේ පාසල් පොත්පත්, වෛද්‍ය පහසුකම් සහ ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පැකේජ ලබා දීම ද සිදු කරයි.

”අපි ඇඟලූම් කර්මාන්තශාලා හිමියන්ව ඔවුන්ගේ සේවකයින්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන සුබසාධන ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට දිරිමත් කරනවා. 2022 ජූනි මස වන විට ඇඟලූම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව ජීවන වියදම් සම්බන්ධ ගෙවීම් ද ඉහළ දමා තිබෙනවා. එය  25% ක වැඩිවීමක් වන අතර මෙම වර්ධක 2021 සිටම කි‍්‍රයාත්මක වෙනවා.” යනුවෙන් JAAF මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකාවෙන් ඇඟලූම් මිලදී ගනු ලබන ජාත්‍යන්තර ඇඟලූම් සන්නාම නියෝජිතයින්ගේ මෙම ක‍්‍රියාමාර්ගය මගින් වසර ගණනාවක් පුරා ගොඩනැගුණු ශ‍්‍රී ලංකාව සහ සැපයුම්කරුවන් අතර පවතින විශ්වසනීය සම්බන්ධතාවය මනාව පෙන්නුම් කරයි.

සේවකයින්ගේ සුභසාධනය සහතික කරන අතරතුර මෙවැනි අභියෝගාත්මක කාලවලදී මෙහෙයුම් සහ නිෂ්පාදන අඛණ්ඩව සිදු කරගෙන යාමට සමාගම්වල ඇති ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව JAAF පැසසුමට ලක් කරයි. තවද ETI සහ AAFA විසින් ලබා දෙන සහයෝගය අගය කරන JAAF කර්මාන්තයට සහාය වීම සඳහා ඔවුන්ගේ ප‍්‍රයත්නයන් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව