
කොමර්ෂල් බැංකුව සහ ඕස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපන ආයතනය (ACH) අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත.
බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පුද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු කොමර්ෂල් බැංකුව හරහා ඉටුකරගත හැකි අතර අධ්‍යාපන ණය ලබා ගැනීමට ද හැකියාව ලැබේ. අදාල විශ්ව විද්‍යාල අතරට ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ACH අනුබද්ධිත තවත් බොහෝ යුරෝපීය රටවල්වල විශ්ව විද්‍යාල ඇතුලත් වේ.
කොමර්ෂල් බැංකුව විසින් දේශීය හා විදේශීය අධ්‍යාපනය හදාරන රැකියා කරන මෙන් ම රැකියා විරහිත සිසුන් සඳහා ද නම්‍යශීලී කොන්දේසි සහිතව අධ්‍යාපන ණය පහසුකම් ලබා දෙයි. මෙම ණය පහසුකම් සඳහා දිගු ආපසු ගෙවීමේ කාලයත් හා ආකර්ශනීය පොලී අනුපාත හිමි වේ.
බැංකුව පැවසූයේ පාඨමාලා ගාස්තුවෙන් 80% ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා දෙන අතර මූලික ණය මුදලේ ආපසු ගෙවීම් ආරම්භ කිරීමට පෙර, පොලිය පමණක් ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙනු ඇති බවයි. මීට අමතරව, අයදුම්කරුවන්හට පවතින පොලී අනුපාතයෙන් 0.5%ක විශේෂ අඩු කිරීමක්, ලේඛන ගාස්තුවෙන් 50%ක නිදහස් කිරීමක්, මෙන් ම විදුලි පණිවුඩ හුවමාරු ගාස්තු වලින් ද 50% ක නිදහස් කිරීමක් ලැබෙනු ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier ¸ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන DIFC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.