අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්රවුන් ප්ලාසා උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.
උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන් නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ අවසන් 32 දෙනාගේ දෙවැනි වටයේදී ලකුණු 21-7ක් සහ 22-20ක් ලෙස චීන තායිපේ ක්රීඩක සින් සේ ටූ පරාජය කරමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේය.
16 දෙනාගේ තුන්වැනි වටයේදී ඔහු තරග වැදීමට නියමිතව ඇත්තේ දෙවැනි වටයේදී ලකුණු 21-16ක් සහ 21-15ක් ලෙස චීන තායිපේ ක්රීඩක මා චෙං ඊ පරාජය කළ ජපාන ක්රීඩක කයිසුකේ ෆුජිවරා සමඟය.