විශ්‍රාමිකයින් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ගම්පහදී විශේෂ වැඩසටහනක්

Pensioners Day (LBN)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභසාධනය සඳහා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම තහවුරු කරමින් විශ්‍රාමිකයින් ඇගයීමට සහ ගෞරව කිරීමට විශේෂ වැඩසටහනක් බැංකුවේ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාඛාව විසින් සංවිධානය කරන ලදී.

විශ්‍රාමිකයන් 250 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝයල් චාන්ස් පැලස් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සෞඛ්‍යය පරීක්ෂාවන්, ඉගෙනීමේ අවස්ථා සහ විනෝදාස්වාද  ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබා දෙන ලදී.

මේ සඳහා සහභාගී වූවන් අතර රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB)  විශ්‍රාමිකයන් සහ මහ බැංකු විශ්‍රාමිකයන් ද වූ අතර මෙහි දීි විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමක්, මහනුවර ආසිරි රෝහල් ශාඛාව සමඟ සහයෝගීතාවයෙන් නොමිලේ පවත්වන ලද වෛද්‍ය කඳවුරක් සහ කොමර්ෂල් බැංකුව විසින් විශ්‍රාමිකයන් සඳහා වන විශ්‍රාමික ණය හා මූල්‍ය පහසුකම් පිළිබඳව ඉදිරිපත් කිරීම් ඇතුළු තොරතුරු ලබා දීමේ වැඩසටහනක් පැවැත්විණ.

සහභාගි වූ විශ්‍රාමිකයන්හට විශ්‍රාමික ණය සඳහා අයදුම් කිරීමට සහ අනෙකුත් මූල්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා වූ අතර ජනප්‍රිය විකට නළුවන් දෙදෙනෙකු පැවැත්වූ සජීවී විනෝදාස්වාද අංගයකින් මෙම වැඩසටහන නිමාවට පත්විය.

 



 
ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම සහ විශ්‍රාමිකයන් අතර මූල්‍යමය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කළ බව බැංකුව පැවසුවේය.

කොමර්ෂල් බැංකුවේ විශ්‍රාමික ණය පහසුකම නිර්මාණය කර ඇත්තේ රාජ්‍ය, ලං.වි.ම සහ මහ බැංකු විශ්‍රාමිකයන් ඇතුළු විශ්‍රාමිකයන්හට මූල්‍යමය නම්‍යශීලී බව ලබා දීම අරමුණු කරගෙනය. තවද මෙම ණය පහසුකම් ගෙවා නිමකිරීමට ඔවුනට වයස අවුරුදු 74 දක්වා කාලය ලබා දේ.

සේයාරුවන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ විශ්‍රාමික දින උත්සවයේ අවස්ථාවන්ය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව