විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

cbsl-moentory

 



 

 

ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි  අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති  විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී.

(අ) ස්විස් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 01(ප්‍රධාන කාර්යාලය) සහ කොළඹ 06 (ශාඛාව)

(ආ) වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 06

ඒ  අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත මුදල් හුවමාරු කරන්නන්හට අවවාදාත්මක නිවේදන නිකුත් කරන ලදී.

අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට / අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව