විදේශ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුව ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වෙයි

Lead Pro Education MoU (LBN)

විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත.

අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල් අධ්‍යාපන ණය පැකේජයකින් සහ විධිමත් බැංකු පහසුකම්වලින් ප්‍රතිලාභ ලැබේ.
 



 

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විශ්ව විද්‍යාල ජාලයක් සමඟ අනුබද්ධිත ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් සමාගම, මෙම රටවල්වල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්ට උපදේශනය හා ස්ථානගත කිරීමේ සේවා සපයයි. මෙම ගිවිසුම හරහා එම ස්ථානගත කිරීම් සඳහා ලීඩ් ප්‍රෝ සමඟ සම්බන්ධ වන සිසුන්ට කොමර්ෂල් බැංකුවේ ශිෂ්‍ය ලිපිගොනු විවෘත කර විදේශ අධ්‍යාපනය සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇති ණය පහසුකම ලබා ගත හැකිය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත හැකි අධ්‍යාපනික ණය මගින් මුළු පාඨමාලා ගාස්තුවෙන් 75%ක් දක්වා එක් අයදුම්කරුවෙකුට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව මූල්‍යකරණය කළ හැකිය. ණය ගැතියන්ට ආපසු ගෙවීම් ආරම්භ කිරීමට පෙර වසර දෙකක් දක්වා සහන කාලයක් හිමිවන අතර, එමඟින් ඔවුන්ගේ අධ්‍යාන කාලය තුළ මූල්‍ය බර ලිහිල් වේ. ඊට අමතරව, ලේඛන ගාස්තු වලින් 50%ක අඩුවීමක් සහ පළමු ටෙලිග්‍රාෆ් හුවමාරු (Telegraphic Transfer) ගාස්තුවෙන් රුපියල් 7,500ක වට්ටමක් ඔවුන්ට ලැබෙනු ඇත. එමගින් ඔවුන්ගේ පිරිවැය තවදුරටත් අඩු වේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව