විකල්ප මූල්‍ය ආයතන සංගමයට නව පාලක මණ්ඩලයක් පත්කෙරේ

Committee members (LBN)

2024 වර්ෂය සඳහා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ (Association of Alternate Financial Institutions – AAFI) නව පාලක මණ්ඩලය පත්කිරීම, 2023 දෙසැම්බර් 13 දින පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී සිදුකරන ලදි.  2015 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී විකල්ප මූල්‍ය ආයතන සංගමය පිහිටුවන ලද්දේ, ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් නොවූ විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය පියවර ගැනීමේ සහ, මෙම සුවිශේෂී බැංකුකරණ හා මූල්‍ය සේවා ආකෘතියෙන් රටට සහ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බව සහතික කිරීමේ අරමුණිනි.

 



 

පොලිය මත පදනම් නොවූ බැංකුකරණ ක්ෂේත්‍රයේ වර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන විකල්ප මූල්‍ය ආයතන සංගමය, තම සාමාජිකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් පළකිරීමට, සාකච්ඡා කිරීමට සහ විසඳුම් හඳුනා ගැනීමට පොදු වේදිකාවක් ලෙස ක්‍රියාකරයි. එමෙන්ම එය ගිණුම්කරණ, බදු සහ නීතිමය අංශ සම්බන්ධයෙන් සමාන අවස්ථා උදාකර ගැනීම සඳහා අදාළ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නියාමන බලධාරීන් සමග ගනුදෙනු කිරීමේදී ක්ෂේත්‍රයේ පොදු නියෝජනයක් ලෙස කටයුතු කරයි.

සංගමයේ ආරම්භක සභාපති රවී අබේසූරිය මහතා ආරම්භයේ පටන්ම එහි සභාපති ලෙස කටයුතු කළේ ය. සංගමයේ උන්නතිය උදෙසා ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කළ ඒ මහතාගේ අභාවයෙන් අනතුරුව, එම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා සංගමය විසින් මේ ආකාරයට නව පාලක මණ්ඩලයක් පත්කරන ලදි. එම අධ්‍යක්ෂ මණ්ඩලයට පහත නම් සඳහන් සාමාජික සාමාජිකාවෝ ඇතුළත් වෙති.

  • සිද්දීක් අක්බාර් මහතා – සභාපති
  • සුරේෂ් ආර්. අයි. පෙරේරා මහතා – උප සභාපති
  • රිෆ්කා සියාඩ් මිය – ලේකම්
  • ඉල්සාම් අව්ෆර් මහතා – සහකාර ලේකම්
  • බහාර් නයන් මහතා – භාණ්ඩාගාරික
  • හිෂාම් අලී මහතා – සහකාර භාණ්ඩාගාරික

රවී අබේසූරිය මහතා ගොඩනැංවූ ශක්තිමත් අඩිතාලම මත පදනම් වෙමින්, පැහැදිලි ඉලක්ක හා අරමුණු ඔස්සේ විකල්ප මූල්‍ය ආයතන සංගමයේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නව පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා, නව පාලක මණ්ඩලයේ සභාපති ලෙස ඒකමතිකව තෝරාගන්නා ලදි. උප සභාපති සුරේෂ් පෙරේරා මහතා සහ ලේකම් රිෆ්කා සියාඩ් මහත්මිය දැනට KPMG හි ප්‍රධාන හවුල්කරුවන් (බදු හා නියාමන) ලෙස කටයුතු කරති. NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලෙස කටයුතු කරන බහාර් නයන් මහතා මණ්ඩලයේ භාණ්ඩාගාරික ලෙස පත් වූ අතර, HNB හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හිෂාම් අලී මහතා සහකාර භාණ්ඩාගාරික ලෙස පත් විය. මණ්ඩලයේ සහකාර ලේකම් ලෙස LOLC Finance හි ප්‍රධාන කළමනාකරු ඉල්සාම් අව්ෆර් මහතා පත් වී සිටී.

මෙම නව පාලක මණ්ඩලය යටතේ විකල්ප මූල්‍ය ආයතන සංගමය, මෙම සුවිශේෂී බැංකුකරණ ආකෘතිය මගින් උපරිම ප්‍රයෝජන ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දීම සඳහා කැප වී කටයුතු කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව