ව්‍යාපාර වෙනුවෙන් ඩිජිටල් ගෙවීම් විසඳුම් සහාය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව DirectPay සමග ඒකාබද්ධ වෙයි

DirectPay-partnership-1

 




 

 

මුදල් නොවන ගෙවීම් විසඳුම් නිර්මාණය කරන දේශීය සමාගම් අතරින් වේගයෙන් වර්ධනය වන සමාගමක් වන DirectPay විසින් තම ගනුදෙනුකාර සමාගම් සඳහා සංවර්ධනය කරන විසඳුම් වලට අන්තර්ජාල ද්වාර (IPG) සහය ලබාදීමටත්, අත්පත් කර ගැනීමේ බැංකුව ලෙස ක‍්‍රියා කිරීමටත් කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ඒකාබද්ධතාවයකට එළඹ තිබේ.

කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගෙන තිබෙන මෙම ඒකාබද්ධතාවය මගින් DirectPay සමාගම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල සමාගම් සඳහා කාඞ්පත් සහ LankaQR ගෙවීම් ඒකාබද්ධ කරන භාණ්ඩ තොගය කළමනාකරණ විසඳුම් මෙන්ම සම්පූර්ණයෙන් ඒකාබද්ධ ගෙවීම් පොයින්ට්-ඔෆ්-සේල් උපකරණ වැනි සේවාවන් සඳහා නව වෙළෙඳපළවල් වලට අවතීර්ණ වීමට ඉලක්ක කර තිබේ. එසේම, බැංකුවේ ක්ෂුද්‍ර ණයදීම සහ පේ-ඬේ-ලෝන්ස් වැනි බැංකු සේවා සමගද DirectPay ඒකාබද්ධ වන අතර බැංකුවේ වෙළෙඳ ගනුදෙනු ප‍්‍රජාවට ඉතාමත් කාර්යක්ෂම අයුරින් සැපයුම් දාම ගෙවීම් කිරීමටද සහාය වේ.

මීට අමතරව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සම්පාදකයෙකු ලෙස කොමර්ෂල් බැංකුවට තිබෙන විශේෂඥතාවයේ සහායද ලබාගනිමින් DirectPay විසින් රක්ෂණ, අධ්‍යාපන සහ ඊ-වාණිජ්‍යය කර්මාන්ත සඳහා ලබාදෙන ආවේණික සුවිශේෂී ඩිජිටල් ගෙවීම් විසඳුම් මෙහිදී තවදුරටත් ශක්තිමත් කරනු ඇත. මේ තුළින් මෙම ව්‍යාපාර වලට මුදල් භාවිතා කරමින් සිදුකරන ගනුදෙනු වලින් ඉවත් වී ඔවුන් ලබාදෙන සේවා සඳහා ඩිජිටල් ගෙවීම් විකල්ප භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙයි. සමාගම සඳහන් කරන්නේ මෙම නවීන ගෙවීම් ක‍්‍රම හඳුන්වාදීම මගින් ඉලක්ක කරන්නේ ගනුදෙනුකරුවන්ට බහුවිධ ගෙවීම් විකල්ප හඳුන්වාදීම බවයි.

ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ප‍්‍රියතම අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සැපයුම් පාර්ශවකරුවෙකු වන කොමර්ෂල් බැංකුව විසින් මාස්ටර්කාඞ් පේමන්ට් ගේට්වේ සර්විසස් (MPGS) සහ වීසා Cybersource පද්ධති තුළින් ගෙවීම් ක‍්‍රියාවලී සේවා සම්පාදනය කරයි. මෙහිදී, නිශ්චිත වෙළෙඳුන්ගෙන් නැවත නැවතත් ගනුදෙනු කිරීමේදී කාඞ්පත් තොරතුරු යළි ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන tokenization සහාය මෙම පද්ධති මගින් ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. බැංකුව විසින් කාඞ්පත් තොරතුරු සුරක්ෂිතව ගබඩා කරගනිමින් මිලදීගන්නාගේ සංවේදී දත්ත වෙළෙඳුන්ගේ පද්ධතියෙන් ඈත්කර තැබීම මෙහිදී සිදුවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව