ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මහජන බැංකුව ඒකාබද්ධව ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රගමණයට නවමු වැඩසටහනක් දියත් කරයි.

Industrial-0

පසුගිය කාලයේදී ඇතිවූ වසංගත තත්වය හමුවේ ගැටලු රාශියකට මුහුණ දුන් කර්මාන්ත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයිනේ ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහය වීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය  යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මංඩලය,මහජන බැංකුව හා ඒකාබද්ධ වී විශේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක්  හඳුන්වා දී ඇත.

අපනයන, ආනයන ආදේශන, දේශීය වටිනාකම් එකතු කිරීම සහ රැකියා උත්පාදනය සඳහා වැඩි විභවයක් ඇති කර්මාන්ත සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

මහජන බැංකුව විසින් මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර ලංකා කාර්මික සංවර්ධන මංඩලය විසින් කර්මාන්තයේ කළමනාකරණය, අළෙවිය, තාක්‍ෂණය හා ගනුදෙනු වාර්ථාකිරීම ශක්තිමත් කර බැංකුව වෙත ඉදිරිපත් කර ණය ලබා ගැනීමට යොමු කරවන අතර කර්මාන්තයේ සංවර්ධනය හා තිරසාර බව ඇති කිරීම සඳහා නිරතුරු පසු විපරම් කටයුතු කරනු ලබයි.

මෙම වැඩසටහන සඳහාක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඉල්ලුම් කල හැකි අතර ඉල්ලුම් කරනු ලබන සියලුම කර්මාන්ත ලංකා කාර්මික සංවර්ධනමණ්ඩලය මගින් කර්මාන්තයේ මූල්‍ය අවශ්‍යතාවය සඳහා ශ්‍යතා අධ්‍යයනයක් සිදු කර මහජන බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.ඒ අනුව මහජන බැංකුව විසින් අවශ්‍යතාවයේ පරිමාව මත ණය මුදල තීරණය කර ව්‍යාපෘතියේ සහන ණය කොන්දේසි අනුව ණය නිකුත් කරනු ලැබේ.

මෙම වැඩසටහනේ සමාරම්භය හා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හා කොළඹ , තුම්මුල්ල , පීපල්ස් ලීසිං ගොඩනැගිල්ල , මහජන බැංකු ශ්‍රවනාගාරයේ දී 2020/07/09 දින පැවැත්වුනි..

 වැඩිදුර විස්තර

අධ්‍යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන අංශය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

0112605380

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව