රුපියල් බිලියන 3.5ක වාර්තාගත අලෙවියක් සටහන් කරමින් Samsung Sri Lanka නැවත වරක් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස සිය ස්ථානය තහවුරු කරගනී.

PR Release Image

2020 දෙසැම්බර් 04 වැනිදා, කොළඹ ඃ 2020 නොවැම්බර් මාසයේ දී Samsung Sri Lanka රුපියල් බිලියන 3.5ක ඉහළම අලෙවියක් වාර්තා කරමින් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස සිය අභිමානය තහවුරු කරගනී. වැඩිදියුණු කළ ජංගම දුරකථන තාක්ෂණය, ජංගම දුරකථන ඉතිහාසයේ සුවිශේෂී නව්‍ය හඳුන්වාදීම් සහ නිර්මාණාත්මක විසඳුම් පාරිභෝගිකයාට ලබාදීම හරහා නොකඩවා වසර හතක් රටේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස සිය අභිමානය ඉහළින්ම රඳවා ගෙන තිබේ.

ලොවපුරා විසිරී සිටින මිලියන ගණනක් වූ පාරිභෝගික ජනතාවකට නව්‍ය සහ අති ප්‍රබල ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් ලබාදීම හරහා අභිමානවත් උරුමය Samsung අත්පත් කරගෙන තිබේ. ලොව අන් කිසිදු සමාගමකට වඩා 5G සන්නිවේදන තාක්ෂණය වෙනුවෙන් Samsung වෙත පේටන්ට් බලපත්‍ර හිමිව තිබෙන අතර තමන්ගේ 5G සන්නිවේදන ජාල මෙවලම් සඳහා Federal Communications Commission (FCC) අනුමැතිය හිමිව ඇති එකම සමාගම ද Samsung වේ. වසර ගණනාවක් මුළුල්ලේ ස්මාර්ට් ජංගම දුරකථන, පළඳනා සහ උපාංග පෙළක් හඳුන්වාදෙමින් එළිදක්වන සෑම නව ස්මාර්ට් ජංගම දුරකථනයක් තුළින්ම නවීන තාක්ෂණය හඳුන්වාදීම්, වැඩි දියුණු කිරීම් සහ විශේෂාංග එකතු කිරීමට Samsung කටයුතු කරතිබේ. මෑතක දී Samsung ආයතනය තමන්ගේ foldable ආකෘතියේ නව්‍ය එළිදැක්වීම් පිළිබඳ විශ්වාසය නැවත තහවුරු කරමින් සිය නවතම Samsung Galaxy Z Fold2 මාදිලිය එළිදැක්වීය. Samsung Galaxy Z Fold2 යනු අසමසම ස්මාර්ට් ජංගම දුරකථනයක් වන අතර නවීන සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණයේ විස්මයක් ලෙස කා අතරත් පිළිගැනීමට ලක්වී ඇත

 




 

වර්තමාන ලෝකයේ දී ජංගම දුරකථන ආරක්ෂණය ඉතා බරපතල ප්‍රශ්නයක් වී තිබේ. සියලුම Galaxy devices වල තිබෙන corporate data සහ apps සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන Samsung Knox සමඟ Samsung විසින් ජංගම දුරකථන ආරක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය ගෙන කටයුතු කරයි. තෙවැනි පාර්ශවයේ තොරතුරු තාක්ෂණ ආරක්ෂණ උපක්‍රමයකින් තොරව එමඟින් වෙළඳ සහ පුද්ගල තොරතුරුවල ආරක්ෂාව තහවුරු කරයි. තෙවන පාර්ශවයක් වෙත පෞද්ගලික තොරතුරු නිරාවණය නොවීම තහවුරු කරන නිල Google applications සහ සේවාවලට ස්තුතිවන්ත වන්නට Samsung දුරකථන භාවිතා කරන්නන්ට තමන්ගේ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව සහතික කර දී තිබේ. සියලුම Samsung සන්නිවේදන උපාංග බලයලත් Google Maps, YouTube, Play Store සහ අනෙකුත් Google services ලබාදීම තහවුරු කරන අතර භාවිතා කරන්නාට errors, lags වලින් තොරව සහ Google services අවසන් කිරීමකින් තොරව මෙන්ම තමන්ගේ වටිනා apps සහ දත්ත නැතිවීමකින් තොරව සුවපහසු ස්මාර්ට් දුරකථන භාවිතාවක් සහතික කරයි. එසේම Android ස්මාර්ට් දුරකථනවලට අවසරලත් සහ Google games essential සමඟ නොනවතින ගේමිං අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව ද Samsung ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන්ට හිමිවේ.

තමන්ටම අයත් සුවිශේෂී platform එකක් වෙන Samsung Members තමන්ගේ Galaxy professionals ප්‍රජාව වර්ධනය කරගනිමින් සියලු දෙනා වෙත සහාය, අදහස් හුවමාරුව සහ විශේෂණ සහාය ලබාදීම සිදුකරයි. මෙහිදී easy-to-use app වල ගැටලු නිරාකරණය කරගැනීමට ඔබට අවශ්‍ය Galaxy-related tips ලබාදීම, නිවැරදි තාක්ෂණික තොරතුරු සැපයීම, සිය නවතම නිෂ්පාදන පිළිබඳ tips සහ තොරතුරු එළිදැක්වීම ආදිය සිදුකරයි. මෙම ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් දැක්වූ Samsung Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kevin SungSu YOU මහතා මෙසේ පැවසීය.“ ශ්‍රී ලංකාවේ Samsung පාරිභෝගිකයන් විසින් අපට දැක්වූ ආදරය සහ විශ්වාසය නිසා වසර හතක් නොකඩවා ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ඉහළින් සිටීමට ලැබීම ගැන අප ඉතාම සතුටු වෙනවා. ජංගම දුරකථන තාක්ෂණයේ සීමාමායීම් පුළුල් කිරීමට මහන්සිවීම පිළිබඳව අපි හැමදාම විශ්වාස කරනවා සහ ස්මාර්ට් ජංගම දුරකථනයකට කරන්න පුලුවන් දේවල් ඉහළ නංවමින් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන සටහන් කිරීමට අපි හැමදාම වෙහෙසුනා. වසර ගණනාවක සිට අපි සාම්ප්‍රදායන් අභිබවමින් නව මානයන් සොයාගත්තා, එළිදක්වන සෑම දුරකථනයකින්ම වැඩිදියුණු කළ තාක්ෂණයක්, නව්‍ය සන්නිවේදන හඳුන්වාදීමක් හරහා ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම පුළුල් කිරීමට අපි මහන්සි ගත්තා. අපේ ශක්තිමත් වෙළඳ නියෝජිත ජාලය සහ අපටම ළෙංගතු අපේ ආදරණීය පාරිභෝගික පදනම විසින් අපව නොකඩවා ඉහළින්ම තැබීම සහතික කළා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ සුවිශේෂී පරිවර්තනීය වෙනසක් කිරීමට අප යන ගමනේ දී සෑම විටම අපට ශක්තියක්ව සිටගත්තා.”

මේ වසර මුල දී LMD’s Brands Annual 2020 ප්‍රකාශයේ ඇතුළත්වන ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම පිළිබඳ සමාලෝචණය සිදුකරන Brand Finance Lanka’s සමාලෝචනය දී නොකඩවා දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ එක ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විසින් Samsung Sri Lanka ආයතනය නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස Samsung ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ සෑම වයස් කාණ්ඩයකම සිටින සියලුදෙනාගේ සිත් ඇඳබැඳ ගැනීමට සමත්වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන මිලේනියල්ස්ලා සහ තරුණ කණ්ඩායම්වල ජීවන විලාසිතාවන්ට සහයෝගය ලබාදෙන සහ නව ප්‍රබෝධයක් ඇතිකරන විශේෂාංග රැසක් Samsung Galaxy දුරකථන පෙළ හරහා හඳුන්වාදීමට Samsung කටයුතු කරයි.

 

 




 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව