රසකැවිලි ලොව ජනප්‍රිය ‘Chupa Chups’ ලොලිපොප් දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙසින්

Company Logo

 



 

 

 

Chupa Chups නිෂ්පාදනය කරන 7 වැනි රට බවට පත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට

 පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.] සමාගම සිය ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Chupa Chups ලොලිපොප් ශ්‍රී ලංකාවේදී නිපදවීමට සැලසුම් කර තිබේ. ‘ඉවරයක් නැති fun එකක්’ යන තේමාව ඔස්සේ බොහෝ දෙනා හඳුනන Chupa Chups ලොව ජනප්‍රියම රසකැවිලි සන්නාම අතරින් එකක් වන අතර, එය මේ දක්වා නිෂ්පාදනය කරන ලද්දේ ස්පාඤ්ඤය, රුසියාව, චීනය, මෙක්සිකෝව, වියට්නාමය සහ ඉන්දියාව යන රටවල පමණි. ඒ අනුව, මින් ඉදිරියට සීදුවේ පිහිටි Perfetti Van Melle කර්මාන්තශාලාවේදී ද Chupa Chups ලොලිපොප් නිෂ්පාදනය වනු ඇත.

ස්පාඤ්ඤ සන්නාමයක් වන Chupa Chups මුලින්ම වෙළඳපොළට හඳුන්වා දෙන ලද්දේ 1958 වසරේදී ය. එදා මෙදාතුර ලොව පුරා රස ලෝලීන්ගේ ආදරය දිනාගත් Chupa Chups මෙරට නිෂ්පාදන වීම සැබැවින්ම ආඩම්බරයකි.

“ශ්‍රී ලංකාවේ Perfetti Van Melle කර්මාන්තශාලාව ආරම්භ කිරීමෙන් අනතුරුව අප මෙරට වෙළඳපොළට සුවිශේෂී නිෂ්පාදන රාශියක් හඳුන්වා දුන්නා. ඒ සඳහා අප විශාල ආයෝජනයන්ද සිදුකළා. අපගේ වසර 15 ක ඉතිහාසය තුළ සෙන්ටර් ෆ්‍රෙෂ්, ඇල්පන්ලීබේ සහ මෙන්ටෝස් වැනි සුප්‍රකට නිෂ්පාදන රාශියක් මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කර තිබෙනවා. Chupa Chups ඊට අලුතින්ම එක්වන නිෂ්පාදනයයි. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන්ට ආනයන මිලගණන් වෙනුවට ඉතාමත් සහනදායී මිලකට Chupa Chups රසවිඳීමට හැකියාව ලැබේවි.” පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගමේ මෙරට කළමනාකරු මෝහිත් භල්ලා මහතා පැවසී ය.

එන්රික් බර්නට්ගේ සොයාගැනීමක් වන Chupa Chups මේ වනවිට එකිනෙකට වෙනස් රස වර්ග 100 කට අධික සංඛ්‍යාවකින් වෙළඳපොළට පැමිණෙන අතර, එය රටවල් 160 කට අධික සංඛ්‍යාවක අලෙවි වේ. දරුවන්ට ඇඟිලි වල ඇලීමෙන් තොරව සිත් සේ රසවිඳිය හැකි රසකැවිලි වර්ගයක් නිෂ්පාදනය කිරීමට එන්රික් බර්නට් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1958 වසරේ ස්පාඤ්ඤයේදී Chupa Chups ලොලිපොප් ප්‍රථම වරට එළිදක්වන ලදී. Chupa Chups සන්නාමයක් වශයෙන් හඳුන්වාදීම  1963 වසරේදී සිදු වූ අතර, ලොව අධියථාර්ථවාදී කලාව සම්බන්ධ පුරෝගාමී කලාකරුවෙකු ලෙස සැලකෙන සැල්වදෝර් ඩාලි විසින් 1969 වසරේදී එහි ලාංඡනය නිර්මාණය කරන ලදි.

පර්ෆෙට් වැන් මෙලේ (Perfetti Van Melle) සමුහය පිළිබඳ

පර්ෆෙට් වැන් මෙලේ (Perfetti Van Melle) සමූහය යනු ලොව රටවල් 150 ක අධික සංඛ්‍යාවක් වෙත ලොසින්ජර වර්ග සහ චුයින්ගම් ආදිය නිපදවා බෙදාහරින ජාත්‍යන්තර පෞද්ගලික සමාගමකි. එම සමූහයේ පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගමක් වන පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.]  2007 වසරේ සිට මෙරට ව්‍යාපාර කටයුතු සිදුකරන අතර එහි කර්මාන්තශාලාව සීදුව ප‍්‍රදේශයේ පිහිටා ඇත. සෙන්ටර් ෆෘට්, සෙන්ටර් ෆ්‍රෙෂ්, සෙන්ටර් ෂොක්, ඇල්පන්ලීබේ, මෙන්ටොස්, චුපා චුප්ස්, හැපිඩෙන්ට් සහ බිග් බබොල් වැනි වෙළඳ නාම රැසක් යටතේ පර්ෆෙට් වැන් මෙලේ (Perfetti Van Melle) නිෂ්පාදන වෙළඳපොළට පැමිණේ. පසුගිය වසර 15 ක කාලය පුරාම මෙරට රසකැවිලි වෙළෙදපොළ ප්‍රමුඛයන් අතර ඉදිරියෙන් සිටීමට සමාගම සමත් වී ඇති අතර, එය දිනකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් මිලියනයකට අධික පිරිසක් වෙත රසය හා සතුට ගෙනෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව