රන්ජන් ලංකා සමාගම Zero Technologies සමග එක් වී Zero වායුසමීකරණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ZERO - 1 (LBN)

දශක පහකට වැඩි කාලයක් මෙරට සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ රන්ජන් ලංකා සමාගම ‘Zero’ වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳපොළට හඳුන්වා දෙමින් වායුසමීකරණ වෙළෙඳපොළට පිවිසෙයි. චීනයේ Zero Technologies සමාගමෙන් ආනයනය කරන මෙම වායුසමීකරණ යන්ත්‍ර කාර්යාල, නිවාස සහ මහල් නිවාස ආදියට වඩාත් සුදුසුය. BTU 9,000 – 12,000 අතර ඉන්වර්ටර් නොවන සහ 12,000 – 18,000 අතර ඉන්වර්ටර් යන ඛාණ්ඩ දෙකට අයත් වායුසමීකරණ යන්ත්‍ර මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙයි. Zero වායුසමීකරණ මෙරට සාමාන්‍ය වෙළෙඳපොළට හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වේ. රන්ජන් ලංකා සමාගමේ ගම්පහ ගබඩාවේ සිට වායුසමීකරණ යන්ත්‍ර දිවයින පුරා බෙදා හැරීමට සැළසුම් කර ඇත. අලෙවි නියෝජිතයන්ට එම සමාගම සමග සම්බන්ධ වී Zero වායුසමීකරණ යන්ත්‍ර අලෙවි කිරීමට හැකිය.

දීර්ඝ කල් පැවැත්මක් සහිත Zero වායුසමීකරණ විදුලිය ඉතිරි කරයි. එම යන්ත්‍රවලට යොදා ගන්නා තඹ නළ අනෙකුත් වායුසමීකරණ යන්ත්‍රවලට යොදා ගන්නා ඒවාට වඩා ඝනකම බැවින් මළකඩ බැඳීමට ඇති ඉඩ අවම කර කල් පැවැත්ම ඉහළ නංවයි. සියලුම වායුසමීකරණ යන්ත්‍රවල කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වීමට වැය වන්නේ අඩු විදුලි ඒකක ප්‍රමාණයකි. සම්පූර්ණ යන්ත්‍රයට වසරකත්, කොම්ප්‍රෙසරයට වසර පහකත් වගකීමක් ලැබේ. Zero වායුසමීකරණ යන්ත්‍රවල අමතර කොටස් අඩුවකින් තොරව සැපයීමට රන්ජන් ලංකා සමාගම කටයුතු කරයි. මිල දී ගෙන පළමු වසර ඇතුළත සේවා තුනක් නොමිලයේ සිදු කරයි. Zero වායුසමීකරණ යන්ත්‍රවල මිල ගණන් අනෙකුත් වර්ගවලට සාපේක්ෂව තරගකාරී මට්ටමක පවතී. අංක 04, තානායම පාර, ගම්පහ ලිපිනයේ පිහිටි රන්ජන් ලංකා සමාගම වසර 30කට වැඩි කාලයක් සුපිරි වෙළෙඳසැළක් ලෙස ජනතා විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ඩී. එස්. සේනානායක වීදිය, අම්පාර ලිපිනයේ පිහිටි මීට වසර 50කට පෙර ඇරැඹූ රන්ජන් ලංකා වෙළෙඳ සංකීර්ණය ඔවුන්ගේ පළමු ශාඛාව වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව