රකුටෙන් වයිබර් තම දශක සැමරුමට සමගාමීව ‘වයිබර් වීරයින්’ හඳුන්වාදෙයි

Image 1 (2)
  • ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයිබර් වීරයින් වෙනුවෙන් වාර්තා වීඩියෝ පට පෙළක් නිකුත් කරයි

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, පසුගියදා තම “Heroes of Viber” (වයිබර් වීරයෝ) පැකේජය හඳුන්වා දුනි. කෙටි වාර්තා වීඩියෝ පට 14කින් සමන්විත මෙම නවතම පැකේජය හරහා වයිබර් භාවිතයෙන් ලොව වටා සිටින මිනිසුන්ගේ ජීවිත වෙනස් වූ ආකාරය මනාව විදහා දැක්වේ. විශේෂයෙන් ම වයිබර් සමාගම තම 10 වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී, ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ වයිබර් පරිශීලකයින් වයිබර් හරහා තම ජීවිතවලට ළඟා කරගත් අර්ථවත් සබඳතා පිළිබඳව ද මෙම නව පැකේජය හරහා පිළිබිඹු වේ.

ගෙවුණු වසර 10ක කාලය පුරාවට තම පරිශීලකයින්ට නැවුම් අත්දැකීම් ගණනාවක් සමීප කිරීමට වයිබර් සමත් වී තිබේ. එනම් අන්තර්ජාල දුරකතන ඇමතුම්වල සිට සමූහ වීඩියෝ ඇමතුම්, විනෝදාත්මක ස්ටිකර් මෙන්ම උපරිම තලයේ ආරක්ෂාවක් ද සමඟ දත්ත සුරක්ෂිතතාව තහවුරු කිරීමට ද වයිබර් ක්‍රියාකර ඇත. එවන් පසුබිමක, රුසියාව, ඇල්ජීරියාව, ඉරාකය, බල්ගේරියාව, ග්‍රීසිය, සර්බියාව, යුක්රේනය, නේපාලය, පිලිපීනය හා ශ්‍රී ලංකාව යන රටවල වයිබර් වීරයින් වෙනුවෙන් ඔවුන්ගේ වයිබර් කතාන්දරය රැගත් කෙටි වාර්තා වීඩියෝ පට 14ක් මෙසේ ඉදිරිපත් කෙරේ. විවිධ වයස් හා විවිධ සමාජ පසුබිම්වලට අයත් මෙම වීඩියෝ පටවල පෙනී සිටින පුද්ගලයින් වයිබර් හරහා තම ආදරවන්තයා හෝ ආදරවන්තිය මුණගැසීම මෙන්ම, තම පැරැණි මිතුරන් හා නැවත සම්බන්ධ වීම හා වයිබර් භාවිතයෙන් උදව් උපකාර ලබාගත් අවස්ථා පිළිබඳව ද මෙහිදී ඉදිරිපත් කරයි.

  • ශ්‍රී ලංකාව – ගයාන්ට තම ජීවිතයේ මුණගැසුණු ආකර්ෂණීයම යුවතිය හමුවන්නේ 2015 වසරේදීය. තම කාර්යාලයීය බස් රථයේදී ඇයව මුල් වරට දකින ඔහුට ඈ සමඟ කතාකිරීමට යම් ලැජ්ජාශීලී බවක් තිබුණි. එහෙත් ඔහු වයිබර් හරහා ඈ වෙත ස්ටිකරයක් යැව්වේය. පුදුමයකට මෙන් ඇගෙන් ද පිළිතුරු ස්ටිකරයක් ලැබුණි. අනතුරුව ඔවුන් දෙදෙනා වයිබර් හරහා නිතර චැට් කළ අතර වසර දෙකකට පසු විවාහ වූහ.
  • යුක්රේනය – රට පුරා ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවය ඇණහිටි අතර, යුක්රේනයේ වෛද්‍යවරුන්ට රාජකාරියට යාමේ ගැටලුවක් මතුවිය. එහිදී කීව්හි හදිසි හා ආපදා වෛද්‍ය මධ්‍යස්ථානයේ යරොස්ලාව් කුරේසා මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස “Take the Medic” නමින් වයිබර් Community එකක් නිර්මාණය කිරීමට සමත්විය. ඒ හරහා වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලුවට නිර්මාණශීලී විසඳුමක් ලැබුණු අතර, පොදු ප්‍රවාහන සේවය නැවත ආරම්භ වූවත් දැනුදු එම වයිබර් Community එක ක්‍රියාත්මක වේ.

 

 



 

  • බල්ගේරියාව – ගෝලීය වසංගතය ආරම්භ වුණු මුල් කාලයේදී එනම් මේ වසර මුලදී, බල්ගේරියාවේ දෙමාපියන්ට බර්ගාස් ප්‍රධාන රෝහලේදී ඉපදුණු තම නොමේරූ දරුවන් දැකගැනීමට තිබුණු එකම ක්‍රමවේදය වයිබර් විය. එම රෝහලේ ළදරු වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය වයිබර් හරහා වීඩියෝ ඇමතුම් ලබාගනිමින් තම බිළිඳුන්ගෙන් දුරස්ව සිටින දෙමාපියන්ට දරුවන් දැකගැනීමට සැලැස්වීය.
  • රුසියාව – ඇලීනාට විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු සිටින නිසා නිවසින් බැහැර වීම ඉතා අපහසු ය. නමුත් වයිබර් භාවිතයෙන් ඇය ගෙවතු අලංකරණය හා වගාව පිළිබඳ වයිබර් community එකක් ආරම්භ කිරීමට පියවර ගත්තාය. එය සාමාජිකයින් 2,000ක් දක්වා වර්ධනය වූ අතර තමා ගෙවත්තේ නිපදවන පැළ වර්ග හා මල් වර්ග ප්‍රදර්ශනය කරමින් හා තම ගෙවතු වගා අත්දැකීම් හුවමාරු කරගනිමින් වර්තමාන දුෂ්කර කාලපරිච්ඡේදය තුළ ඒ හරහා ආදායමක් උපයා ගැනීමට ද ඇලීනාට හැකිවිය.
  • ඉරාකය – ෂීලන් වෘත්තියෙන් ගුරුවරියකි. වසංගත කාලසීමාව තුළ වයිබර් community එකක් නිර්මාණය කරගෙන ඒ හරහා තම පාඩම් හා ඉගෙනුම් ක්‍රියාකාරකම් සිදුකිරීමට ඇය කටයුතු කළාය.

“පසුගිය වසර 10 තුළ අපි ළඟා කරගත් සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් ලොව පුරා විසිරී සිටින අපගේ පරිශීලකයින් බව කිව යුතුයි. වයිබර් හරහා සිදුවන සෑම චැට් එකක් පිටුපස ම සැබෑ කතාන්දරයක් තිබෙනවා. අපේ පරිශීලකයින්ගේ එදිනෙදා ජීවිතයේ අංගයක් වීමට අවස්ථාව උදාවීම අපට මහත් සතුටක්. ඔවුන්ට තමන්ගේ සතුට, විනෝදය වගේම දුක පවා එකිනෙකා සමඟ හුවමාරු කරගැනීමට වයිබර් හරහා අවස්ථාව ලැබීම අපට විශාල සතුටක්. ඒ නිසා වයිබර් පරිශීලකයින්ට ස්තූතිවන්ත වෙන අතරේ, අපගේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් අපි කැපවී සිටිනවා” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් රකුටෙන් වයිබර්හි ප්‍රධාන වර්ධන නිලධාරිනී ඇනා නමෙන්සකයා පැවසුවාය.

ඔබටත් https://lp.viber.com/heroes-of-viber/ සබැඳිය හරහා “Heroes of Viber” එකතුව සම්පූර්ණයෙන් නැරඹිය හැක.

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය. මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ.

ඔබත් මෙතෙක් වයිබර් සමඟ එක් වී නොමැති නම් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව