මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café සිය 82 වැනි සංවත්සරය සමරයි

Chinese Dragon Café IMAGE - 1

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්‍රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවට නියම චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව සළසන එම අවන්හල සකසන ආහාර පාන වර්ග සංඛ්‍යාව 200කට අධික වේ. Chinese Dragon Café වර්තමානයේදී ශාඛා අටකින් සමන්විතය. බම්බලපිටිය, ගල්කිස්ස, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, නුගේගොඩ යන නගරවල එම ශාඛා පිහිටා ඇත. ගාස්තු රහිත බෙදා හැරීමේ සේවා (Free Delivery), රැස්වීම් සඳහා VIP කාමර මෙන්ම කේටරින් සේවාද ඔවුන් හඳුන්වා දී ඇත. www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාල හරහා මාර්ගගත ක්‍රම ඔස්සේ ආහාර ඇණැවුම් කිරීමටද හැකිය.

2023දී ඩුබායිහි ශාඛාවක් පිහිටවූ Chinese Dragon Café එරට චීන අවන්හලක් ඇරඹූ පළමු ශ්‍රී ලාංකික අවන්හල් ජාලය බවට පත් විය. තිරසාරත්වය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම ආයතනය ඔවුන්ට අවශ්‍ය බාස්මතී සහල් නිකවැරටිය සහ සිරිපුර ප්‍රදේශවල වගා කරන අතර දේශීය ගොවීන්ට මූල්‍ය ආධාර සහ පොහොර සැපයීම වැනි විවිධ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. 200කට වැඩි සේවක පිරිසත්, පාරිභෝගික ප්‍රජාවත් Chinese Dragon Caféහි වර්ධනයෙහි ප්‍රධාන කොටස්කරුවෝ වෙති. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නයිෂාද් උදේෂි මහතා මෙලෙස පැවසීය. “දශක අටක් පුරා පරම්පරා ගණනාවකට උසස්ම තත්ත්වයේ ආහාර පාන පිළිගැන්වූ අප පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩලය සමඟ ඉතා අර්ථවත් සහ සුහදශීලී සම්බන්ධතා ගොඩ නඟා ගෙන සිටිනවා. ඉදිරියටත් සම්ප්‍රදායට සහ නව්‍යකරණයට මුල් තැන දෙන්න අප සූදානම්.”
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව