‘මානව බුද්ධියේ විශිෂ්ටත්වය’ ඇගැයීමට සූදානම් වන 23 වැනි SLIM Brand Excellence සම්මාන උළෙල

SLIM Brand Excellence

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කරන 23 වැනි SLIM Brand Excellence Awards දියත් කරයි. මෙවර එහි තේමාව වන්නේ “මානව බුද්ධියේ විශිෂ්ටත්වය” යන්නයි. අලෙවිකරණ සහ සන්නාම ක්ෂේත්‍රවල සුවිශේෂ ජයග්‍රහණ ඇගැයීම මෙහි අරමුණ වේ. අලෙවිකරණය තුළින් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට SLIM ආයතනය සතු කැපවීම තහවුරු කරන මෙම සම්මාන උළෙල අලෙවිකරුවන් අතර නිර්මාණාත්මක සහ ප්‍රගතිශීලී තරගකාරිත්වයක් නිර්මාණය කරයි. පාරිභෝගික අවශ්‍යතා ඉතා හොඳින් හඳුනා ගනිමින්, වෙළෙඳපොළ තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි උපායමාර්ග සැළසුම් කිරීමට සමාගම්වලට අවශ්‍ය සහාය දීමද එමඟින් සිදු වේ.

 



 

“SLIM Brand Excellence සම්මාන උළෙල හරහා ජාත්‍යන්තර ප්‍රමිති අනුව කටයුතු කරන ශ්‍රී ලාංකික සන්නාම අලෙවිකරුවන්ගේ හැකියා ඇගැයීමට ලක් කරනවා. අදාළ ඇගැයීම් ක්‍රියාවලිය තුළ උසස් ප්‍රමිති සහ විනිවිදභාවය සුරක්ෂිත කිරීමට අප වග බලා ගන්නවා. විවිධ අංශ නියෝජනය කරන සන්නාම රැසක් මෙම සම්මාන උළෙල සමඟ එකතු වීමට නියමිතයි.” SLIM ආයතනයේ සභාපති ගයාන් පෙරේරා මහතා පැවැසුවේය. ප්‍රධාන ඛාණ්ඩ පහක් සහ විශේෂ ඛාණ්ඩ දහයක් ඇතුළු සම්මාන ඛාණ්ඩ පහළොවකින් සම්මාන උළෙල සමන්විත වේ. ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ජයග්‍රහණ ලබා ඇති සමාගම්වලට ඛාණ්ඩ කිහිපයක් යටතේ අයැදුම් කළ හැකිය. “අලෙවිකරුවන් අතර වඩාත් ජනප්‍රිය සම්මාන උළෙල ලෙස මෙය හැඳින්වීමේ වරදක් නැහැ. මේ වේදිකාව මත සම්මාන ලැබූ සන්නාම සහ සමාගම් දියුණුවෙන් දියුණුවට පත් වෙලා තිබෙනවා. මෙවර සම්මාන උළෙලේදී මානව බුද්ධිය සිදු කරන නිර්මාණාත්මක කාර්ය ඇගැයීමට ලක් කරනවා. ඒ සඳහා අප සමඟ එකතු වෙන්න සියලු දෙනාට ඇරැයුම් කරනවා.” SLIM ආයතනයේ උප සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතා පැවසුවේය.

අභාවප්‍රාප්ත මහාචාර්ය උදිත ලියනගේ මහතා විසින් සංකල්පනය කරන ලද සන්නාම අභිප්‍රාය, සන්නාම අන්තර්ගතය, සන්නාම ක්‍රියාවලිය සහ සන්නාම කාර්ය සාධනය යන නිර්ණායක මත ඇගැයීම් ක්‍රියාවලිය සිදු වේ. අයැදුම්කරුවන් ඇගැයීම කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් සිදු කෙරේ. SLIM Brand Excellence ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා මෙසේ පැවසීය. “නව්‍යකරණය, නිර්මාණශීලී බව සහ ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග හඳුනා ගනිමින් තරගකරුවන්ගේ ‘මානව බුද්ධියේ විශිෂ්ටත්වය’ ඇගැයීමට මෙවර අප බලාපොරොත්තු වෙනවා.  තිරසාර සහ විශිෂ්ට සන්නාම ගොඩ නඟන්න මානව බුද්ධිය ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි.” “පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය, සංස්කෘතික විවිධත්වය, සදාචාරාත්මක භාවිත හා නව්‍යකරණ පෙන්නුම් කරන සන්නාම මෙහිදී ඇගැයීමට ලක් වීමට නියමිතයි.” ජූරි ප්‍රධානී තාරක රන්වල මහතා පැවසුවේය. අලෙවිකරණ වෘත්තිය සඳහා දක්වන දායකත්වය ඉහළ නංවා ගනිමින් සිය ජයග්‍රහණ ලොවට පෙන්වීම සඳහා සමාගම්වලට උපකාර වන ශක්තිමත් වේදිකාවක් ලෙස SLIM Brand Excellence සම්මාන උළෙල හැඳින්විය හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව