පොළොන්නරුවේ හෙක්ටයාර 100ක නැවැත වනවගාව සිදුකරන්නට කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහය

12

 



 

 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත.

මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් විය. එහෙත් පසු කාලයකදී එම ප‍්‍රදේශය නිසි රැකවරණයක් නොමැති වීම හේතුවෙන් පරිහානියට පත්විය. මෙම සුවිශාල වනවදුල අලි ඇතුන්ට, දිවියන්ට, මුවන්ට සහ ඉත්තෑවන්ටද තම දිවිය ගතකිරීම සඳහා සරුසාර බිම්කඩක් විය. තවද මෙම වනාන්තර බිම්කඩ දේශගුණික තත්ත්වයෙන්ද සුවිශේෂී ප‍්‍රදේශයක් විය.

කොමර්ෂල් බැංකුව මෙම ව්‍යාපෘතිය ඉටුකරනු ලබන්නේ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග එක්වය. ශ‍්‍රී ලංකාවේ ඊශානදිග ප‍්‍රදේශයේ වනාන්තර, ඊශානදිග මෝසම කෙරෙහි උත්පේ‍්‍රරක බලපෑමක් ඇති කරන අතර, කන්දේගම නැවත වනවගාව තුළින් කලාපයේ වර්ෂාපතන ස්ථායිතාව වැඩිදියුණු කිරීමට අපේක්‍ෂා කරයි. එසේ දේශගුණික විපර්යාස අවම කිරීම, ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ අනෙකුත් පාරිසරික ප‍්‍රතිලාභද මෙම ව්‍යාපෘතිය මගින් හිමිවනු ඇතැයි කොමර්ෂල් බැංකුව ප‍්‍රකාශ කර සිටියි.

”වර්තමාන ආර්ථික අර්බුදය සහ අභියෝග ජාතික වශයෙන් වැදගත් වන ක‍්‍රියාවලියක් ඉටුකිරීමට බාධාවක් නොකරගැනීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා පැවසීය.

‘පරිසරයට කාබන් මුදාහැරීම 100‍% ක් තුලනය කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බැංකුව සහ පරිසරය සංරක්‍ෂණය ගැන මහත් කැප කිරීමකින් කටයුතු කරන සමාගමක් ලෙස වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම වනවගා ව්‍යාපෘතිය ඇරැඹීම ගැන අපි අතිශයින් සතුටු වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාවේ වනාන්තර භූමි වපසරිය වැඩිකර ගැනීමට හැකිවන අතර, වනසත්ව වාස භූමියද ව්‍යාප්ත කර ගැනීමට හැකි වෙනවා,’ යැයි මනතුංග මහතා අවධාරණය කර සිටියේය.

දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරය හෙක්ටයාර 600කින් පමණ සමන්විතය. මෙම වනාන්තරයේ ප‍්‍රධාන වෘක්‍ෂලතාදිය වන්නේ ‘හිගුරු,’ ‘බැබිල’ වැනි පඳුරු සහ ආක‍්‍රමණිශීලී ශාකයන්ද වන අතර, ළඳු කැලෑව එයින් නිර්මාණය වී ඇත. එසේම මෙම බිම්කඩ ‘මාදන්,’ ‘මයිල’ සහ ‘කෝන්’ වැනි විශාල ගස්වලින්ද සමන්විත වන අතර, එම ශාක වනසතුන්ට රැකවරණය සපයයි.

කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන මෙම සුවිශේෂී වනවගා ව්‍යාපෘතිය යටතේ දේශීය විශේෂවල පැළ වර්ග 62,500ක් සිටුවීමට සහ නඩත්තු කිරීමට අපේක්‍ෂා කරයි. එසේම අනෙකුත් ශාකවල වර්ධනයට බාධාවක් වන සහ අවදානමට ලක්වන ‘මාන’ සහ ‘ඉලූක්’ වැනි ආක‍්‍රමණශීලී ශාක ඉවත් කිරීම මගින්, වියළි කාලවලදී ඇතිවන ලැව්ගිනි වැලැක්වීමේ අවදානමක්ද 95% කින් අඩු කිරීමටද බලාපොරොත්තු වෙයි. එසේම මෙය ස්වාභාවික පුනර්ජනනයට සහ ගව තෘණ පාලනය කිරීමටද උපකාරී වනු ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව