පීපල්ස් ලීසිං සමාගම සිය 26 වැනි සංවත්සරය සමරමින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල සේවකයින් අගයයි

PLC - 26th Anniversary Fuel Stations -pix -01 (LBN Fill)

 



 

 

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රයේ අද්විතිය පුරෝගාමියෙකු සහ දැවැන්තයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය 2022 මැයි 31 වැනි දිනට යෙදී තිබුණි.

රටෙහි පවතින ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට පැය 24 පුරා සේවා සපයන ඉන්ධන පිරවුම්හල්වල සේවයේ නියුතු ඉන්ධන පොම්ප ක්‍රියාකරවන්නන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව තම සේවය නොපිරිහෙළා ඉටුකරනු ලබයි.

එහෙයින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සංකල්පයකට අනුව 26 වැනි සංවත්සරයට සමගාමීව ඉන්ධන පිරවුම්හල්වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය අගය කිරීමේ අරමුණින් සිය දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරුවන් හා කාර්ය මණ්ඩලය එක්ව අහඹු ලෙස තෝරාගත් ඉන්ධන පිරවුම්හල්හි හිමිකරු ඇතුළු සේවක පිරිස් වෙත ඇගයීමේ සංකේතයක් පිරිනමනු ලැබීය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව