පීපල්ස් ලීසිං මුතුර් ශාඛාවෙන් ගණුදෙනුකරුවන්ට Wadi’ah Gold Safekeeping පහසුකම සපයයි.

PLC -Wadi'ah Gold Safekeeping Facility from Mutur People’s Leasing Al-Safa (LBN)

 



 

 

පීපල්ස් ලීසිං සමාගමේ මුතුර් ශාඛාව වෙතින් Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට පසුගියදා විවෘත කෙරුණි. එම ශාඛා කළමනාකාර අතුල වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවුණු Wadi’ah Gold Safekeeping පහසුකම ගණුදෙනුකරුවන්ට සැපයීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ ඉස්ලාමීය මූල්‍ය අංශයේ ජේ්‍යෂ්ඨ කළමනාකාර ෆස්මිල් මවුලානා මහතා හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාර ඒ. බී. සුතර්සන් මහතා සහභාගි වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ Wadi’ah Gold Safekeeping පහසුකම සම්ප්‍රදායික රන් ණය පහසුකම සඳහා හොඳම විකල්පය වන අතර මූල්‍යමය වශයෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ ක්ෂණික මුල්‍ය අවශ්‍යතාවන් සඳහා පහසුම විසදුමද වේ. එමෙන්ම පාරිභෝගිකයන්ට තම හදිසි මුදල් අවශ්‍යතාවන්ට පොලී රහිත ණයක් ලබාගැනීමෙන් ප්‍රතිලාභ ලබාගත හැකි සුවිශේෂි මුල්‍ය පහසුකමක් ලෙස පීපල්ස් ලීසිං සමාගමේ Wadi’ah Gold Safekeeping පහසුකම හැඳින්විය හැක.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව