සංචරණය සීමා කිරීම සහ සමාජයට නිරාවරණයවීම තවදුරටත් අඩුකිරීමට දිරිදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීම් කිරීමේදී ලබාදෙන වට්ටම් සහ විශේෂ දීමනා තවදුරටත් වැඩිකිරිමට කටයුතු කර තිබේ.
මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් ආහාරපාන, රසකැවිලි සහ ඖෂධවල සිට ලිපි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ දක්වා මිලදීගැනීමේදී සිය නවතම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 55% ක් දක්වා වට්ටම් ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 25% ක් දක්වා වට්ටම් හෝ ප‍්‍රවාහන ගාස්තු අය නොකිරීමටද කටයුතු කර ඇත.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා අවන්හල් අංශයෙන් Steuart by Citrus, The Burger, TajSamudra, Movenpick, Cinnamon Grand, Cinnamon Lakeside, Galle Face Hotel, Kingsbury, Café Maitland – Mount Lavinia Hotel, Maharaja Palace සහ Cuisine Colombo සම්බන්ධ වී සිටී.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ‘My Softlogic’ විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ සඳහා වට්ටම් ලබාදෙන අතර Promate විසින් ලිපි ද්‍රව්‍ය සඳහාද Quick Med විසින් ඖෂධ, හා සනීපාරක්ෂණ නිෂ්පාදන සඳහාද Rancrisp කජු සහ රසකැවිලි සඳහාද වට්ටම් ලබාදෙයි.
මෙම වට්ටම් සඳහා අවම බිල්පත් ගාස්තුව සලකා බලන බවත් සමහර ව්‍යාපාරික ආයතන තෝරාගත් දිනයන්හිදී පමණක් මෙම වට්ටම් ලබාදෙන බවත් බැංකුව සඳහන් කරයි. මේ අනුව, සමහර දීමනාවන් ජුනි 30 වනදා අවසන් වන බවත් අනිකුත් දීමනා ජූලි 04 වනදා, ජූලි 15 වනදා, ජූලි 21 වනදා, ජූලි 31 වනදා සහ අගෝස්තු 15 වනදා දක්වා බලපැවැත්වෙන බවත් බැංකුව සඳහන් කරයි. මේ සියළුම දීමනා සහ වට්ටම් පිළිබඳව කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකිවේ.
පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.