ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය මැඬලීම වෙනුවෙන් ZeroPlastic Movement සහ Mark and Comm අත්වැල්බැඳගනියි

1- ZeroPlastic Nish and Thajudeen

ස්වේච්ඡා සේවකයින් 9,000කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ දැවැන්තම පරිසර ආරක්ෂණ ජාලයවන ZeroPlastic Movement, කොළඹ කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම මහජන සබඳතා ආයතනයක්වන Mark and Comm සමාගම සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

 




 

අධ්‍යාපනය සහ උපදේශනය හරහා ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන ZeroPlastic Movement සමඟ විශ්ව විද්‍යාල, පෞද්ගලික ආයතන, පාසල් ආදී විවිධ සංවිධාන නියෝජනය කරන ස්වේච්ඡා සේවකයින් දහස් ගණනක් එක්ව සිටියි. 2023 වසරේදී දියත් කරන ලද ZeroPlastic ගංගා ඉවුරු පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ZeroPlastic සංවිධානයට මේ වසරේ ජාතික සම්මානයක් ද හිමිවිය.

ඉකුත් අගෝස්තු 3 වැනිදා උගා රෙසිඩන්සිහිදී අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම හරහා Mark and Comm සමාගම, ZeroPlastic Movement හි ක්‍රමෝපායික සන්නිවේදන සහකරු ලෙස පත්කරන ගෙන තිබේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ZeroPlastic Movement හි නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා මහතා ද, Mark and Comm සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තන්සිල් තජුඩීන් සහ අධ්‍යක්ෂිතා චාමනී නානායක්කාර මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ. මෙම නව සහයෝගීතාව යටතේ ZeroPlastic සංවිධානය දිවයින පුරා සිදුකරන විවිධ ව්‍යාපෘති ආශ්‍රිත මහජන දැනුවත්භාවය ඇතිකිරීමට Mark and Comm සමාගම කටයුතු කරනු ඇත.

රජයේ දත්ත වාර්තාවලට අනුව වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන් ලක්ෂයකට ආසන්න ය. ඉන් ප්‍රතිචක්‍රීයකරණයට ලක්වන්නේ සියයට 10කටත් අඩු ප්‍රමාණයකි. සෙසු ප්ලාස්ටික් ප්‍රමාණය කසළ අංගනවලට සහ සාගරයට අපද්‍රව්‍ය ලෙස එක්වන අතර, එමගින් පාරිසරික පද්ධතියට මෙන්ම සමාජීය පැවැත්මට ද එල්ලකර ඇත්තේ දැඩි අභියෝගයකි.

එවන් පසුබිමක, මෙම දැවැන්ත පරිසර හානිය වැළැක්වීම වෙනුවෙන් සියලු පාර්ශ්ව පොළඹවාලීමට අවශ්‍ය සමාජ දැනුවත්භාවය සහ සමාජ හැසිරීම් රටාවේ වෙනස්කිරීම වෙනුවෙන් ZeroPlastic සංවිධානය කැපවී ක්‍රියාකරයි. ඒ වෙනුවෙන් විවිධ සහයෝගීතා, අනුග්‍රාහකත්ව ආදී පියවර රැසක් ගෙන තිබේ.

″Mark and Comm සමාගම සමඟ අත්වැල් බැඳගැනීම තුළින් ඔවුන්ගේ දැනුම හා පරිචය සමඟ අපගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම කලාපය සහ ගෝලීය වශයෙනුත් ඉහළට ඔසවා තැබීමට අවස්ථාව උදාවනු ඇත″, යනුවෙන් ZeroPlastic Movement හි නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා මහතා පැවසුවේය.

″අපි සෑමවිටම යහපත් සමාජ වෙනස්වීම් වෙනුවෙන් පෙරමුණ ගෙන තිබෙනවා. එනිසා ZeroPlastic Movement සමඟ ඇතිකරගත් නව සහයෝගීතාව තුළින් ද අපගේ සමාජයට සහ ආර්ථිකයට ඒකාබද්ධ සහ තිරසර බලපෑමක් කිරීමට අපට හැකිවනු ඇත″, යනුවෙන් ZeroPlastic Movement හි විශේෂඥ කමිටු සාමාජිකයෙකු ද වන Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කළේය.

මෑත කාලීනය රට තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම වෙනුවෙන් ZeroPlastic Movement ගත් පියවර රැසක් තිබේ. ඒ අතර, එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවත් කෙරෙන ප්ලාස්ටික් වෙනුවට උණ බට ආදේශ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ උණ පැළ සිටුවීමේ Bamboo Bloom ව්‍යාපෘතිය, විශ්ව විද්‍යාල ආශ්‍රිතව ක්‍රියාත්මක කළ Climate Change Hackathon වැඩසටහන මෙන්ම විවිධ නගර සහ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කළ දේශගුණ විපර්යාස ව්‍යාපෘති, අධ්‍යාපනික සහ සහයෝගිතා වැඩමුළු, වෙබ් සම්මන්ත්‍රණ, දේශන ආදිය වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව