පර්චසයක් ලක්ෂ 290කට විකිණුනු කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙණුව

Image (LBN)

තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට Home Lands සමූහය සමත්ව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, මෙය කොළඹ ඉඩම් ගණුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.

මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බවද සඳහන්.

 



 

මෙලෙස මිලදී ගත් තුන්මුල්ලේ ඉඩමේ මහල් 40 කින් යුත් අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Pentara Residencies ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව අරමුදල් සපයනු ලබන ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් බවටයි වාර්තා වෙන්නේ.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව