නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

Image - NTB

2024 අප්‍රේල්, කොළඹ: “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් දියත් කරන ලද විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමේ  ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙරටට මුදල් එවීමේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීම හා රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් ආර්ථික වර්ධනයට සහය වීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.



 

ජර්මනියේ පදිංචිව සිටින සෙන්දිල්සෙල්වම් සෙල්වරත්නම්, කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රීකපිලන් සුබශ්‍රී සහ ප්‍රංශයේ පදිංචිව සිටින ශලිනි අලගප්පන් මෙම වැඩසටහනේ ජයග්‍රහණ හිමිකරගත් අතර, ඔවුන්ට තම ආදරණීයයන් දැකබලාගැනීම සඳහා, යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමි විය. මෙම ටිකට්පත් මෙරට සිටින ඔවුන්ගේ ආදරණීයයන් විසින් ලබා ගන්නා ලදී.

තරගයට සුදුසුකම් ලැබීම සඳහා සිදුකළ යුතු වූයේ මෙරටට මුදල් එවීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමයි. තරගයේදී ගුවන් ටිකට්පත්වලට අමතරව තවත් ජයග්‍රාහකයන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමටද අවස්ථාව හිමි විය. මෙම ගුවන් ටිකට්පත් භාවිතයෙන් තම ආදරණීයයන් දැකබලා ගැනීම සඳහා  ඔවුන් සිටින රට වෙත ගොස් ඔවුන් සමඟ සුන්දර කාලයක් ගත කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ.



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව