නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ නව සභාපති ලෙස ධම්මික ප්‍රනාන්දු පත් වෙයි

Capture 1

Tropical Findings පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා සහ ආසියා පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සම්මේලනයේ හිටපු සභාපතිවරයා මෙන්ම පිරිස් කළමනාකරණ සංවිධාන ගෝලීය සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු ද වන ධම්මික ප්‍රනාන්දු මහතා නිදහස් වෙළෙද කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ (FTZMA) නව සභාපතිවරයා ලෙස යළි තේරී පත් විය.

 



 

පසුගියදා Courtyard by Marriott Colombo  හෝටලයේ පැවැති එම සංගමයේ 43 වැනි වාර්ෂික මහසභා රැස්වීමේදී ඔහු එම තනතුරට පත් වූ අතර, Flintec Transducers පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටිරෝන් වෙකසිංහ මහතා නව ලේකම්වරයා ලෙස තේරී පත් විය. Lalan Rubber Pvt Ltd පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංජුල මහදැනආරච්චි මහතා භාණ්ඩාගාරිකවරයා ලෙසත්, ATG Ceylon Pvt Ltd පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆසාල් ආබ්ඩීන් මහතා සහ Screenline Holdings පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිශාන්ත බක්මීගේ උපසභාපතිවරු ලෙස තේරී පත් වූහ. දිවයින පුරා පිහිටි සියලුම BOI සාමාජික ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන් අතුරින් විධායක කමිටුවේ සෙසු සාමාජිකයන් තෝරා පත් කරගනු ලැබීය.

නිදහස් වෙළෙද කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ මහසභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බාදිල් හිෂාම් මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ගෞරවනීය ආරාධිත ලෙස එම අවස්ථාවට එක් වූවාය.

FTZMA යනු මෙරට සියලුම අපනයන සැකසුම් කලාපවල සෘජු විදේශීය ආයෝජකයන් නියෝජනය කරනු ලබන ප්‍රමුඛතම සංගමය වන අතර, වසර 40කට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් සිය මෙහෙයුම් ආරම්භ කළ එම සංගමය ශ්‍රී ලංකාවේ සියලුම නිදහස් වෙළෙඳ කලාපවල සහ ඉන් පිටත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කලාපවල විදේශීය සෘජු ආයෝජකයන් නියෝජනය කරමින් සිය කටයුතු පුළුල් කර තිබේ. FTZMA සංගමයේ විශේෂත්වය වන්නේ එය ඇඟළුම් කර්මාන්තය ඇතුළු සියලුම ක්ෂේත්‍ර නියෝජනය කිරීමය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව