නවීකරණය කරන ලද එමිරේට්ස් බොයිං 777 ගුවන් යානා ජුලි මස 18 වන දා සිට කොළඹට

EK Boeing 777

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවීකරණය කරන ලද පන්ති හතරකින් සමන්විත බොයිං 777 ගුවන් යානා ජූලි මස 18 වන දින සිට ඩුබායි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන EK650/651 ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කරනු ඇත. නව්‍ය අභ්‍යන්තර පහසුකම් වලින් වැඩිදියුණු කළ ගුවන් යානය සමඟ එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට ප්‍රිමියම් ඉකොනොමි පන්තිය ලබා දෙන දෙවන දෛනික ගුවන් ගමන මෙය වනු ඇත.

මේ වන විට එමිරේට්ස් විසින් ගමනාන්ත 40 කට අධික සංඛ්‍යාවකට ප්‍රිමියම් ඉකොනොමි පහසුකම පිරිනැමෙයි. මෙම සේවාව ක්‍රියාත්මක වන ස්ථානවලින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ සම්පූර්ණ ගුවන් ගමන සඳහා ප්‍රිමියම් ඉකොනොමි පන්තිය වෙන්කරවාගෙන සුවපහසුව සහ උසස් අත්දැකීම් අත්විඳිය හැකිය.

 



 

EK650 එමිරේට්ස් ගුවන් ගමන ඩුබායි නගරයෙන් පැය 02:40 ට පිටත් වී පැය 08:35 ට කොළඹට ළඟා වෙයි. නැවත පිටත් වන EK651 ගුවන් ගමන කොළඹින් පැය 10:05 ට පිටත් වී පැය 12:55 ට ඩුබායි වෙත ළඟා වෙයි.

Emirates.com, එමිරේට්ස් යෙදුම හෝ මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් සංචාරක නියෝජිතයින් මෙන්ම එමිරේට්ස් හරහා ප්‍රිමියම් ඉකොනොමි හි ටිකට්පත් වෙන්කර ගැනීමේ හැකියාව පවතී.

එමිරේට්ස් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට EK654/655 ලෙස ක්‍රියාත්මක වන එමිරේට්ස් A350 ගුවන් යානාව මෙන්ම අභ්‍යන්තරය සම්පූර්ණයෙන් නවීකරණය කළ බොයිං 777 ගුවන් යානාව සමඟ ප්‍රිමියම් ඉකොනොමි අත්දැකීම දැන් පිරිනමනු ලබයි.

එමිරේට්ස් ගුවන් සමාගම සෘජු ගුවන් සේවා තුනක් සහ මාලේ හරහා අතිරේක දෛනික ගුවන් සේවාවක් සමඟින් කොළඹ සිට ඩුබායි දක්වා දිනපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරනු ලබයි

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව